Gossip

මිල සූත්‍රය කුමක්දැයී ඇසූ පසු එය සමච්චලයට නොගත්තානම් – නාමල්ලාගේ ගොං ආතල් වෙනුවට චතුරලා ආතල් දෙනවිට ක්‍රියාමාර්ග ගත්තානම් අපි අද එනවා කොල්ලුපිටියට

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව අද දහවල් 12.00ට එක්සත් ජාතික පක්ෂය විසින් අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අද තිබෙන විරෝධතා ව්‍යාපාරය ගැන අපිට සමාජජාල මාධ්‍යයන්වල සැරිසරන අපූරු කියමනක් හමුවුණා.

මේ එයයි.

හෙට අපි එනවා… කොල්ලුපිටියට…

මහ බැංකු වංචාව යටගැහුවේ නැත්තම්…

ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවානම්…

මියගිය කොටින්ට වන්දි ගෙවන ගොං තීරණ නොගත්තානං…

ළදරුවන්ගේ වැඩිහිටියන්ගේ පවා ගිනුම්වල සල්ලි කපා.. අධික බදු බර ජනතාවට පටවා… පාර්ලිමේන්තුවේ මැති ඇමති දීමනා 200%ටත් වඩා ඉහල නැංවූයේ නැත්තම්

නාමල්ලාගේ ගොං ආතල් වෙනුවට චතුරලා ආතල් දෙනවිට ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තානම්

අර්ජූන් ඇලෝසියස්ලා එක කෝල් එකෙන් ලංකා බැංකුවෙන් කෝටි ගනන් ණයගන්නාවිට සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ බැංකු අයිරාවට කෙලියේ නැත්තම්

හමුදාවේ පොලීසියේ පුහුණු වියදම් පවා කපා හැරියේ නැත්තම්

පොරොන්දු වුනා වගේ සාමාන්‍ය ජනතාවට හිසරදයක්ව තිබූ මැති ඇමති වරුන්ගේ රථ පෙලපාලි සංස්කෘතියට තිත තිබ්බානම්

වාහන ආනයනයට බදු ගැහුවා වගේ ඩොලරය නග්ගන්න රටේ එක කර්මාන්තයක් හෝ ඇරඹුවානම්

මාද්‍යවේදින් මිල සූත්‍රය කුමක්දැයී ඇසූ පසු එය සමච්චලයට නොගත්තානම්

සංවර්ධනය කිවුවා ව්ගේ වේගවත් කළානම්

දේශපාලන ඇරියස් කවර් කරන්න ජනතා මුදලින් තැනූ මත්තල වී ගබඩාවක් නොකළානම්

කොටින්ම නුඹලාට ඡ්න්දෙ දුන්න මිනිස්සු ටිකක් ඉන්නවා යැයි නොසිතා අතිශය පුද්ගලික මිතුරන් වෙනුවෙන් පමණක් ආණ්ඩුව ක්‍රියා නොකලානම් ..

අපි විතරක් නෙමෙයී.එන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා…

ඒ නිසා ඕක ඔබේ 19 යෙන්ම විසදාගැනීම වටිනවා….

1971 අපේ රටේ උගත් තරුණයෝ දහස්ගානක් මියගියා.බොහෝමයක් රට හැරගියා.1989 ඉතුරු මොලටිකත් මැරුනා.යුද්ධය නිසා අවසාන මොලටිකත් අපිට නැති වුනා.ඉතිං අපි වයස 73ක් වෙච්ච අගමැති වරයෙක්ගෙන් ජාතියක යහපත හොයනවා.ලංකාවෙ පිරිමියෙක්ගේ සාමාන්‍ය ආයු අපේක්ශාවත් 72යි.ඇමති වරුත් පරණ හොරුමයී.තරුණ නායකත්වයක් නැද්ද අපිට….
( සටහන – නිෂාන්ත කොතලාවල)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!