Gossip

මියුසික් වීඩියෝ වල ගොඩක් අය රගපාන්නේ නිකං. මේ අය තමන් ජනප්‍රිය වෙන්න ඕනම ජරා වැඩක් කරයි – චන්දිමාල් ජයසිංහ – Exclusive

මේ දවස්වල මොනවාද අලුත් තොරතුරු?
මේ දවස්වල මොනවාත් නෑ ඉතිං. පාඩුවේ වැඩකටයුතු කරන් ඉන්නවා.

මේ දිනවල අලුත් ආරංචියක් පැතිරෙනවා ඔබ ඡන්දෙ ඉල්ලන්න සූදානමින් ඉන්නවා කියලා. ඇත්තටම මොකද්ද මේ කතාව?
ඉස්සරහට බලමුනේ. අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාව ගන්නවා. හොඳ වෙලාවක් අවොත් හොඳ තීරණයක් ගන්නවා.

පහුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල අපි දැක්කා ඔබ මිනිස්සුන්ට උදව් කරනවා. මෙහෙම උදව් කළෙත් ඉදිරියේදී ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවෙන්ද?
නෑ මං එහෙම බලාපොරොත්තුවකින්නම් උදව් කළේනෑ. ඒක මං පොඩි කාළේ ඉඳන් කරපු දෙයක්. මම ප්‍රසිද්ධ වෙනවාත් එක්කම එකපාරට ඒක සමහරු දැකපු දෙයක් වෙන්නැති. මම තාම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්. ඉතිං මං ඒවා කළේ දේශපාලනයට එන්න බලාගෙනනම් නෙවෙයි.

පවතින දේශපාලනය නිවැරදියි කියලා ඔබ හිතනවාද?
නෑ. ඒකතමයි මම එකපාරටම දේශපාලනයට එකපාර එන්නේ නැති හේතුවත්. මොකද මේ වෙද්දි දේශපාලනය කියන දේ ලංකාවේ විහිළුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ දේට මිනිස්සු ගරු කරන්නැති තැනට ඇවිත් තියෙනවා. මං හිතන්නේ ඒක වෙනස් වෙන්න ඕන. මොකද ඉස්සර දේශපාලඥයා කියන කෙනා මිනිස්සුන්ට විහිළුවට ගත්ත චරිත නෙවෙයි. හැබැයි දැන් එහෙම නෑ, දැන් ඒ අයව ගණන් ගන්නේ නෑ, ඉතිං ඒක වෙනස් වෙන්න ඕන කියන මතයේ ඉන්නවා.

නිරූපණ ශිල්පිණියක් කියන්නේ කවුද?. මියුසික් වීඩියෝ එකක රඟපෑවා කියලා නිරූපණ ශිල්පිණියක් වෙනවාද?
මං දකින්නේ නිරූපණ ශිල්පිණියක් කියන්නේ ඇඟ එලියේ දාගෙන ඉන්න, නිරුවත්ව ඉන්න දැං ඔය ඉන්නවා වගේ අය නෙවෙයි. ඉස්සර හොඳ නිරූපණ ශිල්පිණියන් හිටියා. නිරූපණ ශිල්පය කියන්නේ බොහෝ ලොකු දෙයක්. ඒ දේ දැන් අවුරුදු දෙක තුනක ඉඳන් නෑ. Photoshoot එකක් කළොත් නිරූපිකාවක්. වීඩියෝ එකක රඟපෑවොත් නිළියක්. ඒක නිසා මං දැන් දකින්නේ නෑ හරි නිරූපණ ශිලපිණියන්.

දැන් නිරූපණ ශිල්පිණියක් කියලා කියන්නේ එක එක්කෙනාගේ ඇඳුනුම්කම් මත පවතින දෙයක්. හැබැයි ඒ අය තාවකාලිකයි. පරණ නිරූපණ ශිල්පිණියන් නම්වලින් ගත්තත් අද අපිට මතකයි. ඒත් අද එහෙම නෑ. එක එක අයගේ ඕන එපාකම් මත දැන් මේවා සිද්ද වෙන්නේ. දැන් හැමදේම තීරණය වෙන්නේ මුදල් මත. රුපියල් දහදහක් අටදාහක් දුන්නොත් දැන් ගොසිප් එකක් ගහලා ජනප්‍රිය වෙන්න පුළුවන්. Photoshoot එකක් කරන්න පුළුවුන්. අද මියුසික් වීඩියෝ වල ගොඩක් අය රගපාන්නේ නිකන්. මේ අය තමන් ජනප්‍රිය වෙන්න ඕනම ජරා වැඩක් කරයි. හැබැයි ඒක නෙවෙයි කලාව කියලා කියන තැන මං ඉන්නවා.

දැන් ඊළඟ උපන්දින සාදය කොහොමද කරන්නේ කියලා සැලසුම් කරලාද තියෙන්නේ.
ගිය අවුරුද්දේ මිනිසුසු මෙහෙම වැඩියෙන් කතාවුණේ මගේ තුන්වන උපන්දින සාදය. මං මේ දේ නරක විදියට කළේ නෑ, හැබැයි ඒක සමාජය විවිධ විදියට දැක්කා. සමහරු ගණන් පවා කියලා තිබුණා. ඊළඟ අවුරුද්දෙත් අනිවාර්යෙන් කරනවා. අපි බලමු නේද එදාට.

ජීවිතේ මොනවාහරි දෙයක් ලැබුණේ නෑ කියලා පසුතැවීමක් තියෙනවාද?
මං හිතන්නේ මගේ ජීවිතේ කෙනෙක්ගේ මේ වයසට ලැබෙන්න ඕන හැමදේම ලබපු කෙනෙක්. විවාහය ඇරෙන්න. විවාහ වෙන්න තාම හිතලා නැති නිසයි ඒ දේ නැත්තේ. ජීවිතේ මට ලැබුණේ නැති දෙයක් නෑ, අතපහු වුණ කිසිදෙයක් නෑ කියලායි මං හිතන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!