Gossip

මියගිය මාධ්‍යවේදියා හදිසියේම මාධ්‍ය හමුවකින් මතුවෙයි

යුක්රේනයේ කීව්හිදී ඝාතනයට ලක්වූ බව වාර්තා වූ මාධ්‍යවේදියා ඊයේ, බදාදා (30) සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුවකට පැමිණියේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ යුද විරෝධී මාධ්‍යවේදි ආකේඩ් බැබ්චෙන්කෝ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ බව ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය රැසක් අද උදේ වාර්තා කර තිබිණි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කිරීමට නිසා ඔහුට එරට හැර යෑමට සිදු වූ අතර ඔහුට මරණ තර්ජන ද එල්ල විය.
මරණ තර්ජන හේතුවෙන් මෙලෙස සැලැසුමක් ක්‍රියාත්මක කළ බව ඝාතනය වූ බවට වාර්තා වී පැය ගණනකට පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ආකේඩි බැබ්චෙන්කෝ කීය.

යුක්රේන රාජ්‍ය ආරක්ෂක සේවය ආකේඩි බැබ්චෙන්කෝගේ ව්‍යාජ ඝාතන සැලැසුම ක්‍රියාත්මක කර තිබිණි. හතළිස් එක්වන වියේ පසු වූ ආකේඩි බැබ්චෙන්කෝ ඝාතනය වූ බව යුක්රේන බලධාරීන් නිවේදනය කර ඇත්තේ අඟහරුවාදා (29) දිනයේදීය.

බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස රුසියාව තුළ ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම කළේය.
ආකේඩි බැබ්චෙන්කෝ සිය නිවස ඉදිරි පිටදී ලේ විලක සිටියදී ඔහුගේ බිරිඳ විසින් ගිලන් රථයක් ගෙන්වා එයට නංවාගෙන රෝහලට ගෙන අතරතුරදී හෙතෙම මියගිය බව ඒ.එෆ්.පී, රොයිටර්, බී.බී.සී. සී.එන්.එන්, ද ගාඩියන් ඇතුළු ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කර තිබිණි.

ඔහුගේ ඝාතනයත් සමඟ යුක්රේනයත් රුසියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර ඝාතනය සම්බන්ධයෙන් රටවල් දෙක එකිනෙකාට චෝදනා කරගත්තේය. එසේම මෙම සිදුවීම දෙරටේම ජනමාධ්‍ය ප්‍රජාව සසළ කිරීමට හේතුවිය.

මේ සිදුවීම්වලින් පැය ගණනකට පසු බොහෝ දෙනා වික්ෂිප්ත කරමින් ආකේඩි බැබ්චෙන්කෝ මාධ්‍ය හමුවකට එක්විය. ඔහු මාධ්‍යහමුවට එක්වෙද්දී එය වාර්තා කරමින් සිටි ඇතැම් මාධ්‍යවේදීහු අත්පොළොසන් දුන් අතර තවත් පිරිසක් භීතියටත් පුදුමයටත් පත්වූහ. තවත් පිරිසක් කෑගැසූහ.
රුසියාව තමන් ඝාතනය කිරීමට සැලැසුම් කරන බවත් එම නිසා මෙවැනි සැලැසුමක් ක්‍රියාත්මක කළ බවත් ආකේඩි එම මාධ්‍ය හමුවේදී කීය.

“මම කැමැතියි සමාව ඉල්ලන්න. ඔබ සියලු දෙනා බොහෝ දුෂ්කර කාලයක් ගත කළා. ඒ නිසා මම ඒ ගැන සමාව ඉල්ලනවා” යැයි කඳුළු පිරි දෑතින් ආකේඩි බැබ්චෙන්කෝ පැවැසීය.

“මට සමාවෙන්න. එහෙත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම මගේ බිරිඳගෙන් සමාව ඉල්ලනවා. ඇය බොහෝ දුකක් වින්දා” යැයි ආකේඩි බැබ්චෙන්කෝ කීවේය.

මෙහිදි තම ජීවිතය බේරාගැනීම සම්බන්ධයෙන් ආකේඩි බැබ්චෙන්කෝ යුක්රේන ආරක්ෂක සේවයට ද ස්තූති කළේය. කෙසේ නමුත් හෙතෙම සැලැසුම් ක්‍රියාත්මක කළ සම්බන්ධයෙන් විස්තර සඳහන් නොකළේය. ආකේඩි බැබ්චෙන්කෝ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බවට තොරතුරු ලැබි තිබුණු බවත් එය වැළැක්වීමට කටයුතු කළ බවත් යුක්රේන ආරක්ෂක සේවය සඳහන් කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!