Gossip

මිනුවන්ගොඩ කොරෝනා රැල්ල මතුගමත් කළඹයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල කොළඹ නගරය තුළ පැතිර යෑම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය කණ්ඩායම් හයක් යොදවා ඊයේ (14වැනිදා) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සදහන් කරයි.
බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැුල්ල ඊයේ වන විට කළුතර දිස්ති‍්‍රක්කයේ මතුගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් බදුගම, යටදොළ හා පැලවත්ත ප‍්‍රදේශ වෙතද ව්‍යාප්ත වී තිබිණි.
කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක සේවය කරන හෙදියක් සුළු රෝගී තත්ත්වයක් තිබියදී දින කිහිපයක් සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් මතුගම, පැලවත්ත සිට කොළඹ සේවයට පැමිණීම මෙයට හේතු වී ඇත.
මෙම හෙදිය මේ වන විට ප‍්‍රතිකාර ස`දහා නාගොඩ රෝහලට ඇතුළත් කර සිටින අතර ඇය ගමන් කළ බස් රථයේ හිමිකරු, රියැදුරු සහ කොන්දොස්තරවරයාටද වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (13 වැනිදා) රාති‍්‍රයේ අනාවරණය වී තිබිණි.
මේ අනුව දැනට මතුගම ප‍්‍රදේශයෙන් ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම සිද්ධියත් සම`ග මතුගම බස් නැවතුම අසල කඩ සාප්පු රැුසක් වසා දැමීමටද වෙළෙ`දුන් කටයුතු කර ඇත.
මෙම ආසාදිතයන් සිව්දෙනාගේ සමීපතමයන් හ`දුනාගෙන ඔවුන් නිරෝධානයට යොමුකර පීසීආර් පරීක්‍ෂණ පැවත්වීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන පැලවත්ත සතිපොළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව ප‍්‍රාදේශීය සභා ලේකම් සිසිර කුමාර මහතා පැවසීය.
මේ අතර පැලවත්ත සති පොළේ පොල්තෙල් වෙළෙන්දකුට හා එම ප‍්‍රදේශයේම උපකාරක පංතියක් පවත්වාගෙන යන ස්ථානයකින් ආසාදිතයන් වාර්තා වන බවට ඊයේ සවස් වන විට තොරතුරු ලැබෙමින් තිබූ අතර සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබ`ද තොරතුරු සොයා බැලීමේ නිරතව සිටියහ.
වෛරසය ආසාදිත බවට හ`දුනා ගත් එක් බස්රථ සේවකයකුගේ බිරි`ද මතුගම ප‍්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කර ඇති බවට අනාවරණය වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණි.
මේ වන විට බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් කොළඹ නගරයට දැඩි බලපෑමක් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී තිබීමට එයද හේතු වී ඇත.
කොළඹ නගරයට ඇතුළු වී සිටින ආසාදිතයන් සොයාගෙන ඔවුන් ප‍්‍රතිකාර ස`දහා යොමුකිරීම සහ එම ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් හ`දුනාගෙන අදාළ ස්ථානවලටම සීමා කරමින් පොකුරු නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ වළක්වා ගැනීම මෙම මෙහෙයුමේ ඉලක්කය වී තිබේ.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මුල්ම ආසාදිතයා වාර්තා වූ පසුගිය 4 වැනිදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ පීසීආර් පරීක්‍ෂණ 2884 ක් සිදු කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වූවන් 11 දෙනකු හ`දුනා ගැනීමට හැකිවී ඇත.
ඉන් රෝගීන් හය දෙනකු කොළඹ නගරය තුළ ජීවත්වූවන් වන අතර ඉතිරි පස් දෙනා පිටතින් කොළඹ නගරයට පැමිණි අය බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
මේ අතර මෙවර අපොස උසස් පෙළට පෙනී සිටි දිවුලපිටිය ප‍්‍රදේශයේ සිසුවකුට සහ ක`දාන ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කිතුනු පාසලක සිසුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ වාර්තා විය.
අපොස උසස් පෙළට පෙනී සිටින සිසුවා ඉරණවිල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසීම ස`දහා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති අතර ඔහු සම`ග විභාගයට පෙනී සිටි තවත් සිසුන් විසි දෙනකු කණ්ඩායම් දෙකකට බෙදා වෙන වෙනම විභාගයට යොමු කිරීමට ද පියවර ගෙන ඇත.
වෛරසය ආසාදනය වූ ක`දානේ සිසුවා හතරවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන අතර එම දරුවාගේ දෙමාපියන්ගෙන් අයකු මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන බවද වාර්තා වී ඇත.
මෙවර පාසල් නිවාඩුව ලබාදීමට පෙර මෙම සිසුවාට වෛරසය ආසාදනය වන්නට ඇතැයි යන සැකය මත එම සිසුවාගේ ආශ‍්‍රිතයන් පිරිසක් පීසීආර් පරීක්‍ෂණවලට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ලත් සමග ඊයේ වන විට සීදුව ප‍්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 144 දක්වා ඉහළ ගොස් ඇති බව සීදුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුරේෂ් කුමාර මහතා ස`දහන් කළේය. බමෙතෙක් සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් කටුනායක ආයෝජන කලාපයේ තවත් සේවකයන් 42 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දහවල් වාර්තා වී තිබිණි.
මේ සියලූ ආසාදිතයන් පොලිසියේ සහ හමුදාවේ සහායෙන් අදාළ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට සීදුව ප‍්‍රදේශයේ දෙසිය පනස් දෙනකුට පමණ පීසීආර් පරීක්‍ෂණ පවත්වා නිරෝධායනයට යටත් කර ඊයේ දිනය තුළ සීදුව අමන්දොළුව මහා විද්‍යාලයේදී තවත් හයසීයක පමණ පිරිසකට පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමටද සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
මේ වන විට කටුනායක ආයෝජන කලාපයේ ආයතන දෙකක සේවකයන් 62 දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය. මේ අතර ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වීම නිසා
දෙහිදෙණිය සහ පොහොලියද්ද යන ප‍්‍රදේශයන්හි සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරුණු බව ගලගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එඞ්වඞ් තිලකරත්න මහතා ස`දහන් කළේය. ගලගෙදර නගරයට ඇතුළුවන සියලූ දෙනා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපැදිය යුතු බවටද පොලිිසිය නිවේදනය කර ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!