Gossip

මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද..? ලොවම කැළඹූ කාලතරණයේ අභිරහස් කතාව මෙන්න

කාලය හරහා ගමන් කිරීම බොහෝ වසර ගණනාවක සිට ලෝකය පුරා කතාබහට ලක්වූ මාතෘකාවකි. මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද යන්න බොහෝ විවාදයන්ට බඳුන්ව ඇත. කාලය හරහා ගමන් කිරීම සිදුවිය හැකි සංසිද්ධියක් බවට බොහෝ මත ඉදිරිපත් වී ඇත.
මේ මතය ඉදිරිපත් කරන අය ඔවුන්ගේ මතය සනාථ කිරීමට විවිධ කරුණු ගෙන හැරපාති. ඒ අතර ඡායාරූප ප්‍රධාන වේ. අතීතයේ සිට මේ දක්වා විවිධ අද්භූත ඡායාරූප ප්‍රසිද්ධියට ලක්වී ඇත. ඒ අතර සමහර ඡායාරූපයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට පවා අපහසු වී ඇත්තේ ඒවායේ ඇති අත්භූතජනක බව නිසාමය. මේ සමහර ඡායාරූප කාල තරණයට සාක්ෂි ලෙස යොදා ගැනේ.
1940 ගණන්වලදී පාලමක් විවෘත කරන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක එක්තරා පුද්ගලයෙක් අව්කණ්ණාඩි පැලඳ ටී-ෂර්ට් එකකින් හා ජැකට්ටුවකින් සැරසී සිටිනු දක්නට ලැබේ. මෙහි සිටින අනෙක් සියලු පුද්ගලයන් පැරැණි තාලයේ ඇඳුම්වලින් සැරසී සිටින අතර මේ පුද්ගලයා පමණක් අසාමාන්‍ය ලෙස දිස්වේ.
පුදුමයට කරුණ නම් එකල අව් කණ්ණාඩි භාවිතයක් නොතිබීමයි. මේ සියලු කරුණු අනුව එම පුද්ගලයා අනාගතයෙන් පැමිණි අයකු සේ සැලකේ. එසේම වසර 1928දී තිරගත වූ චාලි චැප්ලින්ගේ චිත්‍රපටයකට කාන්තාවක් ජංගම දුරකතනයක් වැනි යමක් කන තබාගෙන සිටින අයුරු දැක්වෙන දර්ශනයක් ඇතුළු වී තිබේ.
ජංගම දුරකතන පිළිබඳව අදහසක් හෝ නොමැති එවැනි අතීත වකවානුවක මේ දර්ශනයේ සිටින්නේ අනාගතයෙන් පැමිණි අයකු බවට මත පළවී තිබේ. එසේම වසර එක්දාස් නවසිය තිස් ගණන්වලදී කර්මාන්ත ශාලාවක සේවයෙන් පසු පිටතට ගමන් ගන්නා කාන්තාවන් පිරිසක් ඡායාරූපයට නඟා තිබිණි. ඒ අතරින් එක් කාන්තාවක් ජංගම දුරකතනයකින් කතා කරමින් ඉදිරියට ගමන් කරනු පැහැදිලිව ඡායාරූපයට නැඟී ඇත.
මෙයද කාලතරණයට ප්‍රබල සාධකයක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. මේ සිදුවීම් දෙකම ඇත්තෙන්ම පුදුම සහගතය. මන්ද ජංගම දුරකතන ගැන සිතා හෝ නොමැති යුගයක මේ ඡායාරූප ගෙන තිබීම නිසාය. එසේම වර්ෂ 1800 දී අඳින ලද සිතුවමක පුද්ගලයකු අත සී.ඩී. තැටියක් වැනි යමක්, තිබෙනු දක්නට ලැබීමද අද්භූතජනක සිදුවීමක් ලෙස සැලකේ. එසේම වසර 400ක් පමණ පැරණි සොහොන් බිමක කරන ලද කැණීමකින් නවීන පන්නයේ ස්විස් ඔරලෝසුවකට සමාන භාණ්ඩයක් හමුවී තිබේ. මේ සියලු දේ කාලතරණය සැබෑවක් බවට සනාථ කළ හැකි සාධක බව විද්වතුන් පෙන්වා දෙයි.
කාලතරණය පිළිබඳ ඉතා මෑතකදී වාර්තා වූ සිදුවීම නම් ඇලෙක්සැන්ඩර් ස්මිත් නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් තමා 1981දී කාලතරණය කළ බව ප්‍රකාශ කිරීමයි. ස්මිත් වැඩිදුරටත් පවසා සිටින්නේ ඔහු සී.අයි.ඒ. සංවිධානයේ අතිශය රහසිගත මෙහෙයුමක් වූ කාල තරණ ව්‍යාපෘතියට සම්බන්ධ වූ බවත් එම මෙහෙයුම සාර්ථකව නිම කළ ප්‍රථමයා තමා බවත්ය. ස්මිත් පවසන පරිදි වර්ෂ 1981දී ඔහු කාල තරණය මඟින් අනාගත වර්ෂ 2118ට ගමන් කර ඇත.
සී.අයි.ඒ. සංවිධානය මඟින් දියත් කරන ලද මෙම පර්යේෂණාත්මක අත්හදා බැලීමට තමා සහභාගි වූයේ තම ජීවිතය පවා අවදානමේ දමාගෙන බව ස්මිත් පවසයි. ඔහු පවසන පරිදි ඔහු ප්‍රථමයෙන් අනාගතයට ගොස් ඉන් අනතුරුව අතීතය වෙතද ගමන් කර ඇත. සී.අයි.ඒ. සංවිධානයේ මූලික අරමුණ වූයේ අනාගත ලෝකය පිළිබඳව දැනගැනීම බව ඔහු කියා සිටී.
තමාගේ කාලතරණ ක්‍රියාවලිය සනාථ කිරීමට ඔහු සතුව ඡායාරූපයක් පවතී. ඔහු එම ඡායාරූප මාධ්‍යට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර 2118 දී නගරයක් බවයි. අනාගතයට ගිය අවස්ථාවේ ඡායාරූපයක් ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටට පත්වන අතර එම ඡායාරූපය රජය මඟින් තමාගෙන් ලබාගැනීමට පෙර තමා එහි පිටපතක් ලබාගත් බව ඔහු පවසා සිටී.
ඔහු විසින් මාධ්‍යට ඉදිරිපත් කළ ඡායාරූපය මඳක් බොඳවුණු ස්වභාවයක් දක්වා සිටින අතර ඉතා විශාල කොළ පැහැති අමුතු හැඩයේ ගොඩනැඟිලි පසුබිමෙන් දක්නට ලැබේ. තමා මෙම ඡායාරූපය ලෝකයාට ඉදිරිපත් කිරීමට සුදුසු අවස්ථාව එනතෙක් බොහෝ කල් බලාපොරොත්තුවෙන් සිටි බව ඔහු පවසයි.
ඇලෙක්සැන්ඩර් ස්මිත් වැඩිදුරටත් පවසා සිටින්නේ අනාගතයේ පිටසක්වළ ජීවීන් පෘථිවිය කරා පැමිණෙන බවයි. එසේම සියලු ලෝකවාසීන් පොදු භාෂාවක් ලෙස නව භාෂාවක් කතා කිරීම ආරම්භ කරන බවත් කාලගුණ විපර්යාස අනාගතයේ වඩා දරුණු වන බවත් ඔහු පවසා සිටී. ඔහු වැඩිදුරටත් පවසන්නේ පිටසක්වළ ජීවීන් සිටින බවත් ඔවුන් 21 වැනි සියවසේ මැද භාගයේදී ප්‍රථමවරට පෘථිවියට පැමිණෙන බවය. ඇලෙක්සැන්ඩර් ස්මිත්ගේ මෙම හෙළිදරව්ව ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් විය.
බොහෝදෙනා ඔහුගේ ප්‍රකාශය පිළිගත් අතර සමහරු එය ප්‍රබන්ධයක් යැයි පවසා බැහැර කළහ. කෙසේ නමුත් කාලතරණය පිළිබඳ නැවත කතිකාවතක් මේ නිසා ඇති විය. කාලතරණය සැබෑවක්ද..? අනාගතයේ දියුණු විද්‍යාව ඊට පිළිතුරු සපයනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!