Gossip

“මාළු මුදලාලි කොරෝනා ආසාදිත ගෝලයාව හංගගෙන ඉඳලා.. හැංගි සෙල්ලම අහුවේගන එද්දි ගෝලයාව මහ පාරේ දාලා ගිහින්..” – සමාජයම ගිනි තියන මෝඩ මුදලාලිගේ කෙරුවාව මෙන්න

කොරෝනා ආසාදිත බව තහවුරු වූ මාළු වෙළෙඳ සැලේ සේවය කළ තම ගෝලයා අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ නිවසක සගවා තැබීමට තැත් කළ මීගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු එම උත්සාහය වැරදී, පසුගිය 28 වැනිදා තම ගෝලයා පහළ හංවැල්ල ඉන්ධන පිරවුම් හලක් අසල දමාගොස් තිබෙනවා.
පසුව එම පුද්ගලයා පහල හංවැල්ල වලව්වත්ත ප‍්‍රදේශයේදී දැඩි පරිශ‍්‍රමයකින් පසු සොයාගත් බව හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලක්‍ෂමන් රාජපක්‍ෂ මහතා ඊයේ 29දා කියා සිටියේය.
පෑලියගොඩ මාළු වෙළෙඳ සලෙන් මාළු මිලදී ගෙන මීගොඩ ප‍්‍රදේශයේ අලෙවි සැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු යටතේ කොරෝනා ආසාදිත මෙම හංවැල්ල වලව්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයා සේවය කර ඇත.
ප‍්‍රදේශය පුරා මේ වන විට පැතිර යමින් පවතින කොරෝනා උවදුරත් සම`ග ප‍්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයින් පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමේදී මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහයකයින්ද එම පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
හෝමාගම රෝහලේදී සිදු කළ මෙම පී. සී. ආර්. පරීක්‍ෂණවල වාර්තා අනුව මෙම තරුණයාටද කොවිඞ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම පුවත දැනගත් මාළු ව්‍යාපාරිකයා තම ගෝලයා අවිස්සාවේල්ල මානියන්ගම ප‍්‍රදේශයේ නිවසක රඳවා තැබීමට තම යතුරු පැදියෙන් රැගෙන ගියත්, එම නිවසේ හිමිකරුවන් මාළු ව්‍යාපාරිකයාගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇත. එම නිසා ඔහු එදිනම එම තරුණයා ආපසු රැගෙනවිත් වලව්වත්තේ නිවසට යන ලෙස පවසා පහල හංවැල්ල ඉන්ධන පිරවුම් හලක් අසල දමා ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.
මාළු ව්‍යාපාරිකයාගේ රැකවරණය මත ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි මෙම තරුණයා එම නිවසේ නොමැති බව වාර්තා වීමෙන් පසු හංවැල්ල පොලිසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මොහු සෙවීමේදී කොවිඞ් -19 වෛරසය ආසාදනය වූ තරුණයා හංවැල්ල වලව්වත්ත ප‍්‍රදේශයේ ඥාතියකුගේ නිවසට ගොස් සිටියදී සොයා ගෙන කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට රැුගෙන යන තෙක් එම නිවසේ පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.
මීගොඩ ප‍්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයකට යොමු කර ඇත.
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් වික‍්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!