Gossip

මාසෙටම පැය 744 -සේවය කළ කාලය පැය 743 යි – දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ – ලක්ෂ 02ක් ගන්නේ එහෙම වැඩ කරලා

වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 08වනදා පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, පූර්ව දැනුම් දීමකින්ද තොරවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර, දුම්රිය සේවකයන්ට ලැබෙන වැටුප් පිළිබඳවද කාගේත් අවධානයට යොමුවුණා. බොහෝ දෙනා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි බවයි.

කෙසේවෙතත් මෙලෙස ලැබෙන වැටුප සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වලද විවිධ අදහස් පළවනවා.

මේ ඒ ලැබෙන වැටුප ගැන කියපු වෙනස්ම කතාවක්.

අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
එකතුව 168 + 575 = 743යි.

2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
31 x 24 = 744 යි
මාසෙටම පැය 744යි.

රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.

ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.

ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?

පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.

දුම්රිය රියදුරන් වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා.

කතන්දරේ එච්චරයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!