Gossip

මානසික රෝගය නිසා ජීවිතය පවා නැති කර ගැනීමේ දරුණු තත්වයකට ගොදුරු වී සිටිනවා – උමාලි තිලකරත්න

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබද වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි උපකාරක සේවාවක් අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පසුගියදා ආරම්භ වුණා.

ඉතින් මේ ගැන ජනප්‍රිය රංගන ශිල්පී උමාලි තිලකරත්නත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසිකයන් ව දැනුවත් කර තිබුණා.

මේ ඒ සටහනයි.

1926, මොකද්ද මේ ? කවුද මේක කරන්නෙ ? , අරමුණ මොකද්ද..? මෙය පැය 24ම ක්‍රියාත්මක සේවාවක් කීවොත් නිවැරදියි. ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන් මානසික ආතතියෙන් (stress) සහ විශාදය (depression) තත්වයන්ට පත්වී තිබෙන සමයක එම තත්වයන් හමුවේ සිය ජිවිතය පවා නැතිකරගැනීමේ දරුණු තත්වයකට ගොදුරු වී සිටිනවා. සියදිවි හානිකරගැනීමකට උත්සහා කළ කෙනෙකුගෙන් විමසන සෑම අවස්ථාවකම වාගේ ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට කතා කරන්න කෙනෙක් හිටියෙ නෑ , ප්‍රශ්න තේරුම් ගන්න කෙනෙක් හිටියෙ නෑ කියන එක. එවන් තත්වයකට ගොදුරු වී සිටින ඕනම කෙනෙකුට මෙම අංකය අමතා උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තිබෙන අතර ප්‍රතිකාර සදහා යොමුකිරීමද මේ හරහා සිදු කරනවා. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින් මෙම සේවාව ක්‍රියාත්මක කරන අතර දවස් හතේම පැය 24ම ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර නොකඩවා උපකාර අවශ්‍ය කෙනා සමග සම්බන්ධව අවශ්‍ය ප්‍රතිකාර හා මග පෙන්වීම සිදු කරනවා. උපකාර අවශ්‍ය පුද්ගලයා සමග සම්බන්ධ වන්නේ පුහුණු හෙද නිළධාරිනියන් වන අතර අමතන පුද්ගලයාට අවශ්‍ය සේවාව හා මගපෙන්වීම නිසි ලෙස කිරීමට ඔවුන් පුහුණු කර තිබීම විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!