Gossip

මාගම්කොමළිය බෙලිඅත්ත බලා ගමන් ඇරඹූ හැටි

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අද සිදුකළා.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීම යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර විදිහට කි.මි. 26 ක දුරකින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස මේ වනවිටත් ඉදිකර ඇති අතර ඒ සඳහා වියදම ඇමරිකානු ඩොලර් මිලියන 278.2 ක්.
මේ සඳහා ප්‍රතිපාදන සපයනු ලබන්නේ චීන එක්සිම් බැංකුවයි.
මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 4 ක් පිහිටා ඇති අතර උප දුම්රිය ස්ථාන දෙකකින් සමන්විත වනවා.
තවද ලංකාවේ දැනට ඇති දිගම දුම්රිය උමඟ සහ දිගම දුම්රිය පාලමද මෙහි පිහිටා තිබීම විශේෂත්වයක්.
මෙම දුම්රිය බිම්ගෙය දිග මීටර් 615 ක් වනවා.
නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකුණදුර දුම්රියපල ආසන්නය දක්වා මෙය පිහිටා තිබෙනවා.
මෙම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග 18 ක් පාලම් 12 ක් සහ බෝක්කු 49 ක් පිහිටා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!