Gossip

“මහේලලා, සංගලා, මුරලිලා දාලා හරි මේක දුවන්න.. බුකීකරුවෝ ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ දයාසිරි” – ක්‍රිකට් උණුසුම වැඩිකරමින් අර්ජුනගෙන් කනේ පහරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
ආසියානු කුසලානයේ පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා.
මේ හැමදේම අස්සේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සැර කතාවක් කියලා තිබුණා.
එහි සඳහන්ව තිබුණේ මෙම ක්‍රිකට් විනාශය සිදුකළේ වත්මන් ආණ්ඩුව කියලයි.
“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ.”” කියලයි එතුමා කියන්නේ.
තාමත් ලංකාවේ ක්‍රිකට් වැටිලා නෑ කියලයි අමත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා නිලවරණයක් තියන්න කියලයි එතුමා ප්‍රකාශ කරේ.
“අපි තාම කියන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන් පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා, මහේලලා, සංගලා, මුරලිලා වගේ ක්‍රීඩකයෝ ටිකක් දාලා හරි මේක දුවන්න. දැන් ඉන්න ඇමැතිතුමාටත් ඒ ගැන වගකීමක් ගන්න වෙනවා.” කියලයි එතුමා සඳහන් කරේ.
“මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ සිද්ධ වුණේ ක්‍රිකට් වලට. මේ තත්වය ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා බලන්න ඕන. නැත්නම් ඊළඟ මැතිවරණයේදී ජනතාව අපිට පාඩමක් උගන්වයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!