Gossip

මහසොහොන් බලකායේ කාර්යාලයක් වටලයි – මහනුවර රත් කරපු ගැටුමේ තොරතුරු රැසක් හෙළිවෙයි

පසුගියදා සිදුවූ මහනුවර කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොහොන් බලකායේ ප්‍රධානී බව කියන විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය ඊයේ දිනයේ සෝදිසියට ලක් කළා.

එම ස්ථානයේ තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානමින් තිබු අත්පත්‍රිකා, පෝස්ටර්, බැනර් ඇතුලු භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

මෙම භාණ්ඩ වලට අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණු අතර මොවුන් සතුව ඇති ජංගම දුරකතනවලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!