දුම්රියේ සිඟමන් යැදීම නිසා බොහෝ මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳව නිරන්තරයෙන්ම කතාබහට කරුණක් . ඒ අනුව එම අපහසුතා සැලකිල්ලට ගනිමින් හෙට (01) දිනයේ සිට දුම්රිය තුල සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව හෙට සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බවයි දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ අතර කොළඹ සිඟමන් යදින යාචකයින් ඉවත් කරන ලෙස බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව විවිධ අපහසුතා මතුවන අයුරින් බස්නාහිර පළාත තුළ සිඟමන් යදින පුද්ගලයන් හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ පිහිටි යාචක රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුනේ.