Gossip

මහනුවර බෞද්ධ මධ්‍යස්ථානයක් කඩා දමයි

උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා.

අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් මැර පිරිසක් විසින් මෙලෙස කඩා බිද දමා විනාශ කර තිබුණේ පසුගිය 16 වැනි දිනයි.

මේ සම්බන්ධව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර තිබුණද මෙම විනාශය කල පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතුවෙන් එම ස්ථානය නිරීක්ෂණය කිරීම උඩරට සදහා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් අද එම ස්ථානයට වැඩම කළා.

මෙම අවස්ථාවේ කිසියම් පිරිසක් පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අදාල භූමියට ඇතුළළුවූ හේතුව මහනායක හිමියන් ඇතුළු පිරිසෙන් විමසා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!