Gossip

මව් රටේ නම ඇමරිකාවේදි බැබලවූ හිරුණි

දකුණු ආසියානු රන් පදක්කම් ලාභී මැරතන් ශූරිය වන හිරුණි විජේරත්න ඇමරිකාවේදී පැවති ‘මියුසික් සිටී ඩිස්ටන්ස්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (16 වැනිදා) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත්වූවාය.

එහිදී මීටර 5000 ඉසව්වට සහභාගී වූ ඇය එම ඉසව්ව මිනිත්තු 16.17.51කින් අවසන් කළාය.

කොරෝනා අවදානමෙන් අනතුරුව හිරුණි සහභාගී වූ පළමු මලල ක්‍රීඩා තරගාවලිය වූ මෙය ඇමරිකාවේ ටෙනසි‘හිදී පැවැත්විණි. අදාළ ඉසව්වේදී හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වුවද ඇයට එම ඉසව්වේදී හිමිවූයේ 15 වැනි ස්ථානයයි.

මෙසේ හිරුණි විසින් බිඳදමනු ලැබුවේ මලල ක්‍රීඩිකා නිලානි රත්නායක විසින් 2019 වසරේදී පැවති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවේදී මිනිත්තු 16.17.82ක කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ වනවිට ඇමරිකාවේ වෙසෙන හිරුණි එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් තරග සඳහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ආසන්නයේ සිටින ක්‍රීඩිකාවක ද වේ.

ඉකුත් (2019) වසරේදී පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවේදී මීටර 5000 සහ මැරතන් ඉසව් සඳහා ඇය තරග වැදිණි. 2017 වසරේදී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාව සඳහා ද හිරුණි සහභාගී වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!