Gossip News

මල්ලි අයියට පිහියෙන් ඇනලා. මල්ලි ලොරියකට පැනලා….

එකම පවුලේ සහෝදරයින් අතර ඇතිවූ ගැටුමකදී මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති පුවතක් වාර්තා වුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයෙදී මේ බව හෙළිවී ඇත.

නවුත්තුඩුව,අලුත්ගම්ගොඩ පදිංචි ගම්මන්පිල ඉමිටියාගේ උපුල් කුමාර නමැති 35 හැවිරිදි අයෙක් මෙලෙස අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇත.

මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!