Gossip

මරපු දිවියගේ සෙල්ෆි ගහලා ෆේස්බුක් එකටත් දාලා වීරකම් කරන අපූරු මිනිස්සු ඉන්න රටක් මේක…

කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයට කඩා වැදුණු දිවියෙක් ගම්වැසියන් එකතු වී මරා දමා මැරුණු දිවියා සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත් මේ ඡායාරූප සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය අප්‍රසාදය පළ කරනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ මෙලෙස සතුන් මරා දැමීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් කියා සිටියේ මෙම දිවියා අද උදෑසන අදාළ ගම්මානයට කඩා වැදී ඇති බවත් කිසියම් හේතුවක් නිසා බියට පත්වූ දිවියා ගම්මානයේ පුද්ගලයන්ට සපා කෑ බවත්ය.

නමුත් දිවියා මරා දැමූ පසු එහි ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වලට යොමු කර ඇත්තේ අපූරු වික්‍රමයක් කර ඇති ලෙසයි.

කෙසේවෙතත් මෙහිදී සිතන්නට එක් දෙයක් ඇත. සතුන් ඉන්න වනාන්තර අප විසින්ම විනාශ කර ඒවා ගම්මාන කරගත් පසු සතුන්ට වුවත් ජීවත්වෙන්නට තැනක් නැත. ඉන්පසු ඒ සතුන් ගම්වැදුණු පසු ඔවුන්ට අත්වන්නේ මෙවන් ඉරණමකි.

මේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!