Gossip

“මම වගේ චූටි මල් කැකුළු අකාලේ පර වෙන්න එපා කියලා මේක බලන නැන්දලා මාමලා හැමෝම ප්‍රාර්ථනා කරයි අම්මේ”

පුංචි දරුවෙක් අකාලයේ මිය ගියොත් ඒක දෙමව්පියන්ට වගේම හිතවතුන්ටද දරාගන්න අමාරු දෙයක්.
ඒ විදිහට අකාලයේ පරව ගිය පුංචි මල් කැකුලක් තම මව වෙනුවෙන් සිතෙහි ඇතිවන සිතුවිල්ලක් මේ විදිහට අකුරු කරලා තියෙද්දි අපිට හමුවුණා.

අම්මා කියන්නත් මට බැරි වුණා
තාත්තා හවසට ගේන ටිපි ටිප් එක කන්නත් මට බැරි වුණා
මගේ තුති කටේ කිරි දත් එන්නත් කලින්
චුටි දෝණියට යන්න වුණා .
ආසයි මටත් මතක් වෙනවා තාමත්
මොන්ටිසෝරි යන්න ඇත්නම්
ඉස්කෝලෙ යන්න ඇත්නම්
හවසට කාටුන් බලන්න යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න මටත් චූටි අහිංසක හීන තිබ්බා අම්මේ .
ඒත් මරු තුරුල අම්මගෙ තුරුලට කලින් මාව ගෙනිච්චා අම්මේ .
අනේ අම්මේ ඔයා තාමත් අඬනවා ඇති නේද
චූටි දෝණිගෙ ක්ලිනික් කාඩ් එක තාමත් අල්මාරියෙද..?
එහා ගෙදර මල්ලි බබා අඬනකොට අම්මාට මාව ගොඩක් මතක් වෙනවා ඇති නේද .?
දුකයි අම්මෙ දාලා යන්න
මම වගේ චූටි මල් කැකුළු අකාලේ පර වෙන්න එපා කියලා මේක බලන නැන්දල මාමල හැමෝම ප්‍රාර්ථනා කරයි අම්මේ .
මම ඔයාගේ දඟකාර චුටි දෝණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!