Gossip

“මම රෙනීව ආශ්‍රය කළේ 1973 ඉඳලා. රොනී ඔස්ට්‍රේලියාවට ආවේ මාත් එක්ක.. රොනී කියන්නේ හොඳ මනුස්සයෙක්” – රොනී ලීච් සමඟ පර්ත් ගිය මරියසෙල් කියන කතාව මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතාගේ අභාවප්‍රාප්ත වුණේ සංගීත ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී.
ඔහු මෙම ප්‍රසංගයට සහභාගී වී තිබුණේ ජනප්‍රිය ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක සමඟයි.
ඇය රොනී ලීච් මහතා ගැන කියා තිබුණේ මෙවැනි කතාවක්.

මම රෙනීව ආශ්‍රය කළේ 1973 ඉඳලා. ඔහු සහ ඔහුගේ පවුල මගේ පවුලේ සාමාජිකයන් වගේ තමයි හිටියේ. රොනී කියන්නේ ඉතා හොඳ මනුස්සයෙක්.
පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ තිබුණු සංදර්ශනය සාර්ථකව නිම කරලා පසුවදා මම මගේ මිතුරන් කිහිප දෙනෙක්ව මුණගැසෙන්න ගියා.
රෙනී එයාගේ නෑදෑයෝ වගයක් හමුවෙන්න කියලා ගියා.
ඉරිදා හවස අපි එකට රාත්‍රී ආහාරයත් ගත්තා.
රොනී ලංකාවට එන්න බෑක් එක සූදානම් කරමින් සිටියා. අවසන් වරට රොනී ඔස්ට්‍රේලියාවට ආවේ මාත් එක්ක.. මට දුකයි ඒ ගැන ගොඩක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!