Gossip

මම පෙම්වතියක් -ගොඩක් අය කිව්වා රන්ජන් අයියයි මමයි ගැළපෙනවා කියලා – රුවන්ගි රත්නායක

රුවන්ගි රත්නායක කියන්නේ දැන් හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඉතින් ඇයව ආයෙත් රිදී තිරයේ දැකගන්න ඇගේ ප්‍රේක්ෂකයන්ට හැකිවෙලා තියෙනවා. ඉතින් රුවන්ගි ඒ විස්තරයි ඇගේ පෞද්ගලික විස්තරයි පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

කාලෙකට පස්සේ රුවංගිව සිනමා තිරයෙන් දකින්න ලැබෙනවා.
ඔව්. ඩොක්ටර් නවරියන් චිත්‍රපටයෙන් තමයි මේ දවස්වල මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ.

කොහොමද ඩොක්ටර් භාග්‍යාට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

නිර්මාණයක් කළාම හොඳ ප්‍රතිචාර වගේම විවේචනත් දරාගන්න වෙනවනේ. රුවංගිගේ රංගනය කාගෙවත් විවේචනයට අහුවුණේ නැද්ද?
මම විවේචන භාර ගන්න කැමැතියි. හැබැයි ඩොක්ටර් නවරියන් වෙනුවෙන් ඒ වගේ විවේචන නම් ආවේ නැහැ.

ඩොක්ටර් නවරියන් බොලිවුඩ් නිර්මාණයක කොපියක්නේ. රුවංගි මුල් නිර්මාණවල රංගන ශිල්පිනියන් කොපි කළා ද?
මම මුල් චිත්‍රපටය කලින් බලලා තිබ්බා. ඒ චිත්‍රපටයෙන් අදහස් අරගෙන ඩොක්ටර් නවරියන් චිත්‍රපටයට ගැළපෙන විදියට තමයි මම මගේ රංගනය කළේ. එහෙම් පිටින් කොපියක් වෙන්න මම උත්සාහ කළේ නැහැ.

රුවංගිව සිනමාවේ දී මුලින්ම දකින්න ලැබුණෙත් රන්ජන් රාමනායක එක්ක. සිනමාවේ දී රන්ජන් රුවංගි ගැළපෙනවා වැඩියි නේද?
ජීවිතේ ලස්සනයි චිත්‍රපටය බලපු ගොඩක් අය කිව්වා රන්ජන් අයියයි මමයි ගැළපෙනවා කියලා. අපි අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ. ඩොක්ටර් නවරියන් චිත්‍රපටය බලපු සමහර අයත් අපි නිර්මාණයට ගැළපෙනවා කියලා කිව්වා.

රුවංගියි රන්ජනුයි සැබෑ ජීවිතේදීත් ගැළපිලා කියලා පසුගිය කාලේ හාවක් හූවක් තිබුණා නේද?
අපි අතර එහෙම ගැළපීමක් නම් තිබුණේ නැහැ. එහෙම කතාවක් ගියාද කියලා මම දන්නේ නැහැ.

රුවංගි සිනමාවේ වුණත් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. එහෙම වෙන්නේ නිර්මාණ අඩුවෙන් ලැබෙන නිසාද? නැතිනම් තෝරන බේරන නිසාද?
අවස්ථා අඩුයි කියන්නත් පුළුවන්. හැබැයි මට ලැබෙන ආරාධනාවලිනුත් මම තෝරා බේරා ගැනීමක් කරනවා.

පුංචි තිරයෙත් රුවංගි කාලයක් දැක්කේ නෑ?
ඔව් ඉතිං මම ඉන්න ටෙලි නාට්‍යයක් විකාශය වුණේ නැහැ. ළඟදීම සරත් ධර්මසිරි මහත්මයා අධ්‍යක්‍ෂණය කරන උත්තම පුරුෂ ටෙලි නාට්‍යයෙන් මාව දකින්න ලැබෙයි.

රුවංගි දැන් වැඩවලට ගණන් උස්සනවා කියන්නේ ඇත්තද?
ගණන් උස්සනවා කියන්නේ මම සාධාරණ මුදලක් අය කරනවා. එහෙම නැතුව බැහැනේ.

මාධ්‍යවල වැඩිපුර පෙනී ඉන්නෙත් නෑනේ. ඒක විශේෂ වාරණයක් ද?
එහෙම නැහැ. අවශ්‍ය දෙයකට නම් මම සම්බන්ධ වෙනවා.

අලුත් මියුසික් වීඩියෝවලත් රුවංගිව දැක්කේ නැහැ. ආයේ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන එකක් නැද්ද?
හොඳ වැඩක් ලැබුණොත් කරනවා.

රංගනයේ දී තෝරා ගැනීම් වැඩිද?
ලැබෙන නිර්මාණ හැම එකක්ම කරනවා කියලා ආශාවක් නැහැ. ලැබෙන නිර්මාණවලින් පෞද්ගලික තෝරා ගැනීමක් කරලා තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

ඔය තීරණවලට විශේෂ කෙනෙක් බලපෑම් කරනවද?
නැහැ. වෙන කවුරුවත් මගේ තීරණවලට බලපෑම් කරන්නේ නැහැ.

රුවංගි දැන් පෙම්වතියක්නේ?
ඔව්. මම පෙම්වතියක්.

ඒ කෙනා කවුද කියමුද?
එයා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. වැඩි විස්තර පස්සේ කියමු නේද?

පෙම්වතා රුවංගිට සීමා දාන්නේ නැද්ද?
නැහැ. එයා එහෙම සීමා දාන කෙනෙක් නෙමෙයි.

මොනවද ඉදිරි සැලසුම්?
පසුගිය කාලේ කලා කටයුතු ටිකක් මඟ හැරිලා තිබ්බා. නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!