Gossip

“මම දැන් පෙම්වතියක් – මම ලැබෙන හැම එකක්ම කරන්නේ නැහැ – හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ “- රුවංගි රත්නායක

මේ දවස්වල රුවංගි නිදහසේ ඉන්නවා වගේ?
ඇත්තටම මේ දවස්වල විශේෂ වැඩක් කරන්නේ නෑ. ඒ නිසා ලොකු කාර්යබහුලත්වයක් නෑ.

නිර්මාණවලින් රුවංගිව දකින්න නැත්තේ ඇයි?
හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.

රංගනයෙන් ඈත් වෙන්න සූදානමක් නැහැ නේද?
නැහැ. රංගනයෙන් ඈත් වෙලා නැහැ. මම නිර්මාණවලින් පේන්න හිටියේ නැති කාලේ මට ආරාධනා ලැබුණා විවිධ නිර්මාණවලට. හැබැයි ඒ නිර්මාණ මට සෑහීමකට පත් වෙන්න පුළුවන් තරමේ අවස්ථා නෙමෙයි. චරිතය, ලැබෙන මුදල කියන විවිධ කාරණා මත ඒ ආරාධනා අතහරින්න වුණා. මම බලාපොරොත්තු වුණ විදිහේ රඟපෑමක් ඉදිරිපත් කරන්න පුළුවන් විදියේ චරිතයක් ළඟදි ලැබුණේ නැහැ.

රුවංගි ලැබෙන හැම දේම භාරගන්නේ නෑ වගේ?
ඔව්. මම ලැබෙන හැම එකක්ම කරන්නේ නැහැ. වෙනස් විදියේ විශේෂත්වයක් තියෙන නිර්මාණයක් නම් මම ඒකට සම්බන්ධ වෙන්න කැමැතියි.

රුවංගිට බොහෝ දෙනාගේ ආදරය හිමිවුණා. රංගනයේ නිහඬකම ඔබට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ ප්‍රේක්‍ෂකයෝ බලාපොරොත්තු වෙනවා කියලා අපි පෞද්ගලිකව ආසා නැති දේවල් කරන්න ඕනේ නැහැ. ලැබෙන ලැබෙන දෙය කරනවට වඩා හිතේ රැඳෙන දෙයක් ඉඳලා හිටලා හරි කළොත් ප්‍රේක්‍ෂකයෝ හැමදාම අපිට ආදරය කරයි.

නිර්මාණවලින් රුවංගිව නොදකින නිසා ප්‍රේක්‍ෂකයන්ට ඔබව අමතක වෙලා යයිද?
එහෙම වෙන එකක් නෑ. මොකද නිර්මාණවල පේන්න හිටියේ නැතත් මඟ තොටේ මුණගැහෙන අය පවා තාමත් අහනවා ඇයි මේ දවස්වල නිර්මාණයක නැත්තේ කියලා. ප්‍රතිචාරවල වෙනසක් වෙලා නැහැ.

මොන විදියේ චරිතද රුවංගි බලාපොරොත්තු වෙන්නේ?
මම විවිධත්වයක් තියෙන චරිතවලට කැමැතියි. තිරපිටපත කියවද්දි මට ඒ චරිතය දැනෙනවා නම් මට ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මම ඒ දේ භාරගන්නවා. හැමදාම එක විදියේ චරිත කරන්න මම කැමැති නැහැ.

රුවංගි වැඩ කරද්දි අධ්‍යක්‍ෂවරුන්ව තෝරනවාද?
නැහැ. මම අධ්‍යක්‍ෂවරු තෝරන්නේ නැහැ. ලැබෙන චරිතය මොන වගේද කියන දේ ගැන මම මුලින් හිතනවා.

අලුත් වැඩකින් ළඟදී දකින්න ලැබෙයිද?
ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒ ගැන තාම සාකච්ඡා කරමින් ඉන්නේ. කොහොම වුණත් හොද වැඩකින් ප්‍රේක්‍ෂකයෝ අතරට එන්න තමයි මම උත්සාහ කරන්නේ.

ටෙලි නාට්‍යවල රඟනොපෑවට රුවංගි සිනමාවේ නම් වෙනස් වැඩක් කළා කියලා ආරංචියි?
මීට මාස දෙකකට විතර කලින් සුමිත් කුමාර මහත්මයාගේ “සුබා තෙරණිය” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. සිටු දියණියක් සහ මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අනිවාර්යයෙන් මෙය ලොකු වෙනසක් වෙයි. මොකද මම මීට කලින් මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් කරලා නැහැ.

ඒ චරිතය වෙනුවෙන් හිස මුඩු කරන්න සිදු වුණාද?
පෙනුමේ වෙනසක් කරන්න ඕනෑ වුණේ නැහැ. මම සිටු දියණිය ලෙසත් චරිත නිරූපණය කරන නිසා කොණ්ඩය කපන්න සිදු වුණේ නැහැ. එයට අවශ්‍ය විදියට විකල්පයක් පාවිච්චි කළා.

දැන් රුවංගි පෙම්වතියක් නේද?
ඔව්. මම පෙම්වතියක්.

ඔහු කවුද කියලා කියන්න කැමැතිද?
එයා ගැන විස්තර පස්සේ කියන්නම්. එයා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි කියලා දැනට කියන්නම්.

විවාහයට තව දුර වැඩිද?
ඔව්. තව ටිකක් දුර තියෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!