Gossip

මම කාන්තාවන් එක්ක සම්බන්ධතා තියෙනවා – මාව ඕනේ කෙනෙකුට ආශ්‍රය කරන්න හැකියාව තියෙනවා – දුමින්ද දිසානායක

දුමින්ද දිසානායක කියන්නේ කවුරුත් ආදරය කරන දේශපාලඥයෙක්. ලංකාවේ තිබෙන ප්‍රධානම අමාත්‍යාංශ ගණනාවක ආමත්‍යවරයෙක් විදිහට කටයුතු කළ ඔහු ළාබාලතම දේශපාලඥයෙක් ලෙසින් තමයි දේශපාලනයට පිවිසෙන්නේ. ඉතින් මේ ඔහු සමග කළ කතාබහක්.

ඔබගේ දේශපාලන පිළිබඳ මුලින්ම කතා කරමු?
2000 වසරේ ළාබාලතම මන්ත්‍රීවරයා විදියට පාර්ලිමේන්තුවට තෝරා පත්වුණා. අවුරුදු 17ක් නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. 1970දී මහින්ද රාජපක්ෂ මහතා තිබ්බ වාර්තාව කඩන්න මට හැකියාව ලැබුණා. මහින්ද මහත්තමයා පාර්ලිමේන්තුවට පත්වුණේ 70දී . අවුරුදු 24න්. අනුරාධපුර ජනතාවට පුළුවන්කම ලැබුණා ලංකාවේ ලාබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිර්මාණය කරන්න.

ලංකාවෙන් තිබෙන ප්‍රධානම අමාත්‍යාංශ ගණනාවක අධීක්ෂණ මන්ත්‍රීවරයා විදියට වැඩ කටයුතු කර තිබෙනවා. අධිකරණ ඇමති, නියෝජ්‍ය ඇමති, කැබිනට් නොවන අමාත්‍යවරයා , කැබිනම් අමාත්‍යවරයා විදියට කටයුතු කරලා තියෙනවා. ලාබාලම මන්ත්‍රීවරයා විදියට 200 බලයට පත්වෙලා ලංකාවේ තිබෙන ප්‍රධාන දැවැන්තම පක්ෂයේ මහලේකම් විදියට වෙන්න හැකියාව ලැබිලා තියෙනවා.

සමහර දේශපලඥයින්ට ‘ජාතික ආණ්ඩුව‘ කියන එක තේරේන්නේ නෑනේද?
ඇත්තටම ජාතික ආණ්ඩුවක් හැදිච්ච එක පිළිබඳව මම පුද්ගලිකව, තරුණයෙක් විදියටත් , පක්ෂයේ මහලේකම් විදියටත් මෙ ආකාර තුනෙන්ම මම සතුටුවෙනවා. උදාහරණයක් ලෙස මේ රටේ හැමදාම බලයට පත්වෙච්ච ආණ්ඩු තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුබලයට පත්වෙනවා. හැබැයි හැමදාම විපක්ෂයට යන අය තමන් ආණ්ඩු බලය තියෙන කොට කරන්න හදපු වැඩ වලට හැමදාමත් කකුලෙන් අදිනවා. රටක ප්‍රතිපත්තිය හදන්නට අපි හැමෝටම ප්‍රශ්න විසඳාගන්න පුළුවන් නම් ඒ විසඳෙන්නේ අද සිටින අයගේ ගැටළු පමණක් නොව අපේ දරුවන්ගේ අනාගතයයි. අපි වැඩිහිටියන්, තරුණයින් විදියට රටේ අනාගතය ගැන කල්පනා කළ යුතුයි. වෛරී දේශපාලනයක් නොවේ. මගේ තාත්තා දේශපාලනය වෙනුවෙන් රිමාන්ඩ් ගතවෙලා තියෙනවා. තාත්තා රිමාන්ඩ් ගතවුණා කියලා මමත් , දරුවත් රිමාන්ඩ් වියයුතුද? මේ රටේ විසඳය යුතු කාරණා රාශියක් තිබෙනවා. ඒ නිසා රටේ ප්‍රධාන පක්ෂ 02 එකට එකතුවීමේ තේරූම අපි මේ රටේ ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කරන්න ඕනේ යම් යම් වෙනස්කම් ටික දෙගොල්ලෝ පක්ෂ පාට බේදයක් තොරව එකතුවෙලා මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිරීම තමයි ජාතික ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තුවන්නේ. තවත් කාරණයක් නම් සයිටම් එක දෙන්නේ මහින්ද මහින්ද මහත්තමයා. හැබැයි මේ ආණ්ඩුව සයිටම් එක පිළිබඳ තීන්දුවක් ගන්න යනකොට සයිටම් එකට විරුද්ධ වන්නේ එදා සයිටම් එක අනුමත කළ අයමයි. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි රටක් ඉතිරි කරන්නට නම් පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය සමඟ එකඟවෙනවද? නැතිනම් පොදුවේ රට ගැන සිතා ප්‍රතිපත්තිමය කාරණා සමඟ ගමනක් යනවද කියන කාරණාව ගැන. තරුණයෙක් , රටේ පුරවැසියෙක් විදියටත් ජාතික ආණ්ඩුව පත්වුණු වෙලේ මේ රටේ ප්‍රශ්ණ විසඳාගත යුතුයි. රටේ දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තිමය ගමනක් යන්නට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය කාරණා ටික මේ රටේ වෙනස් කළ යුතුයි. එය වෙනස්කළ හැකියි. ප්‍රධාන පක්ෂ 02 එකට එකතුවුණහම දෙගොල්ලන්ගෙම හොඳ ටික අරගෙන හොඳ වැඩක් කරන්න පුළුවන්.

පැවති ආණ්ඩුව සහ අද ආණ්ඩුවේ වෙනස මොකද්ද?
වෙනසක් දකිනවා. ප්‍රධාන පක්ෂ 02 එකට එකතුවීමම වෙනසක්. එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ ප්‍රධාන පක්ෂ 02 යුද්ධය අවසාන මොහොතේදී යුධ ජයග්‍රහණය වෙනුවෙන් එකතුවුණා. සමහර අය නැවතුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිපත්තිමය කාරණාමත එකඟවීමක් තමයි අද වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ටික එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලත් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයෝ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලත් නෑ. රටේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. රටේ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ඉන්න මේ මොහොතේ අපිට විශාල වෙනසක් මේ රටේ ඇතිකරන්න පුළුවන්. ජාතික ආණ්ඩුව රට අලුත් තැනකට ගෙනියන්න උත්සාහයක් දරනවා.

රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා බත්තරමුල්ලේ ගොඩනැගිල්ල පිළිබඳ. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
ඒ ගැන අභියෝග ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයාට විවෘතව අභියෝගයක් කළා මේ පිළිබඳව තැන් තැන්වල කියනවනවාට වඩා සජීවි සංවාදයකට එන්න කියා. මේ ගණුදෙනුව මොකද්ද? කියන එකට පිළිතුරක් දෙන්නට මේ වෙනකන් ඒ ආරාධනාව පිළිඅරගෙන නෑ. නමුත් තාමත් මඩ ගහනවා. මේ ගොඩනැගිල්ල අපිට ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවෙන් ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තුවට ආසන්නම ගොඩනැගිල්ලක් සොයලා ඒ අය තෝරා ගත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළහම මේ ගොඩනැල්ල පාර්ලිමේන්තුවට අවශ්‍ය බවට. වෙනත් තැනක් සොයාගන්නට කැබිනට් තීන්දුවක් දුන්නම මට ඒ කාරණාවට පිටුපාන්න බෑ. ඒ නිසා මට සිද්ධවෙනවා අමාත්‍යාංශය ගෙනියන්න වෙනම තැනක් හොයන්න ඕනේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල අමාත්‍යාංශයක්. මේ රටේ දැවැන්ත අමාත්‍යාංශයක්. 27,000ක පමණ සේවකයින් පිරිසක් ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙනියනකොට අමාත්‍යාංශය එකම තැනකට ගෙන යා යුතුයි. සෙත්සිරිපාය ගොඩනැගිල්ලෙන් අපි ඉඩ ඉල්ලුවාම අපට අවශ්‍ය කරන වර්ග අඩි එක්ලක්ෂ තුන්දහසක ප්‍රමාණයට එවැනි ප්‍රමාණයක් දෙන්න බැහැ කියලා. උපරිමයෙන්ම දෙන්න පුළුවන් තට්ටු 02ක් විතරක් කියලා. ඒ අනුව අපි ආණ්ඩුවේ තැන නැතිව පුද්ගලික ගොඩනැගිලි බැලුවා. පුද්ගලික ගොඩනැගිලි 03ක් ලැබුණා. අපි වෙනතැනකට යනවා කියලා ගොඩනැගිලි හදලා තිබුණේ නැහැනේ. ගොඩනැගිලි 03ම බැලුවම අපිට අවශ්‍ය කරන වර්ග අඩි ප්‍රමාණය තිබුණේ ජයසිංහ ගොඩනැගිල්ලේ පමණයි. අපිට ඒ නිසා එම ගොඩනැගිල්ලට යන්න සිදුවුණා. එහි ආණ්ඩුවේ ගොඩනැල්ලේ කුලියට වඩා මෙම ගොඩනැගිල්ලේ කුලිය අඩුයි. ජනතාවට බොහොම ආකර්ෂණීයයි. ලක්ෂ 250ක කුලියක් ගෙවනවා කිව්වුම එකපාරට විමතියට පත්වෙනවා. නමුත් ආණ්ඩුවේ ගොඩනැගිල්ලකට ගියත් එම කුලිය ගෙවීමට සිදුවෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙම ගොඩනැගිල්ලට යන්න වුණ නිසා මට මඩ ගහනවා. මේ සඳහා මම ඕනෑම විවෘත සංවාදයකට එන්න ලෑස්තියි. වංචාවක්ද? හොරකමක්ද? මගේ අවශ්‍යතාවයට වුණ දෙයක්ද යන කාරණා පැහැදිලි කරගන්න පුළුවන්. වංචාවක් වෙලා තිබෙනවානම් FCID, CID යන්න පුළුවන්. ඕනෑම තැනකට ගිහින් ගණුදෙනුවේ වංචාවක් වෙලා තියෙනවාද? දුමින්දට කීයක් හරි හම්බවෙලා තියනවාද ? නැතිනම් දුමින්ද කීයක් හරි මෙයින් ඉල්ලා තිබෙනවාද? මේ සියල්ලම පරීක්ෂණ කරන්න පුළුවන්.

ඔබට පොහොට්ටුව සමඟ හිතවත්කමක් තියනවද?
ජී.එල් පීරිස් මැතිතුමාගේ පක්ෂය සමඟ මට පක්ෂ ලේකම්වරයෙක් විදියට ගණුදෙනුවක් තියෙන්න පුළුවන්. නමුත් පුද්ගලිකව මට එම පක්ෂය සමඟ කිසිම ගණුදෙනුවක් නෑ. මම විශ්වාස කරනවා ඔය පක්ෂය බිහිවීමම වැරැද්දක් කියලා. ඒකට හේතුව 2015 ජනවාරි මස 08වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයත්, ලේකම්වරයාත් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවා. සභාපතිවරයා පැරදුණා. ලේකම්වරයා දින්නා. 2015 ජනාධිපතිවරණයේදී සිදුවන්නේ පුද්ගලයෙකුගේ පරාජයක් පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා පරාද වුණේ නැහැ. පරාජ වුණේ මහින්ද රාජපක්ෂ මහතා පමණමයි. පැරදුණු මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන මහතාගෙන් පළිගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් එකතු කරලා තවත් පක්ෂයක් සැදීම ඉතාම බරපතල වැරැද්දක්. ඒ වරද පක්ෂයට, පාක්ෂිකයාට කරපු වැරැද්දක්. තමන්ගේ පරාජය දරාගන්න බැරිකමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා අලුත් පක්ෂයක් සැදීම කිසිසේත් අනුමත කරන්න බැහැ.

පුංචි ඡන්දය ළඟ එනවා. ඡන්දෙට මුහුණ දෙන්න බයක් නැද්ද?
පුංචි ඡන්දයට කිසිම බයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සූදානම් වෙලා ඉන්නවා ජයග්‍රහණය කරන්න.

එක්තරා කාන්තාවක් සම්බන්ධයෙන් ඔබගේ සම්බන්ධයක් ඇතැයි කියා පසුගියදා කතාබහක් ඇතිවුණා. ඒ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?‍
මම කාන්තාවන් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්දේ දුවත් එක්කයි, අම්මත් එක්කයි , ඒ ඇරෙන්න වෙන කිසිම කාන්තාවක් එක්ක මගේ සම්බන්ධයක් නෑ. නමුත් මට ආදරය කරන අය ඇති. සමාන්‍යයෙන් දේශපාලඥයින්ට ආදරය කරන කැමති බොහෝ දෙනෙක් ඉන්නවා. සමහරු ඒක එළිපිට ප්‍රකාශ කරන්නත් කැමති. මෙය ජනප්‍රිය වෙන්නත් හොඳ කාරණාවක්. නමුත් ඔය කියන කිසිම කාන්තාවක් සමඟ මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම දේශපාලනය කරන කොට මාත් එක්ක සම්බන්ධ අය සමඟ දේශපාලනය කරනවා විනා වෙන ගණුදෙනු මම ආරම්භ කරලත් නෑ. ආරම්භ කරන්න බලාපොරොත්තුවකුත් නෑ. මේ අවුරුදු 17 තුළ එහෙම පුරුද්දකුත් නෑ.

ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට මොකද හැඟෙන්නේ?
ඒක දන්නවා මාව ආශ්‍රය කරන අය. නමුත් මම තරුණ මන්ත්‍රීවරයෙක් නිසා මට ගෑනු ගැන කියලා මඩ ගැහුවා. මම දික්කසාද වෙලා ඉන්න නිසා ගැනු ගැන කිව්වම ආ එහෙනම් දික්කසාද වෙන්නත් ඇත්තේ මේ නිසා වෙන්න ඇති කියලා කියනවා. තරුණ නිසා දුමින්ද මෙහෙම වෙන්න ඇති කියලත් හිතනවා ඇති. නමුත් මනුෂ්‍යයකුගේ චරිතය මනින්න ඕනේ ඒ මනුෂ්‍යයාගේ ප්‍රායෝගික තත්ත්වය දිහා බලලා මිසක් පේන විදියටයි, ඇහෙන විදියටයි නෙමෙයි.

මාව ඕනේ කෙනෙකුට ආශ්‍රය කරන්න හැකියාව තියෙනවා.‍ ආශ්‍රය කරන්න පුළුවන්. එය කියන ටික ඇත්තටම මඩද ? එහෙම නැත්නම් දුමින්ද ඇත්තටම කරන දෙයක් ද කියලා . දේශපාලඥයෙක් වුණාට මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මිනිහෙක් විදියට ජීවත්වෙන්න කරන ටික දුමින්ද දිසානායකත් නොකරනවානම් මේ මනුස්සයා මනුස්සයෙක් නෙමෙයි නේ. දේශපාලඥයෙක් කියලා බඩගිනි වුණහම බඩගිනි දැනෙන්නේ නැද්ද? මොනවා හරි කිවුවම දුක හිතෙන්නේ නැද්ද? මමත් සාමාන්‍ය මනුස්සයෙක්. ලංකාවේ ඉන්න දේශපාලඥයෝ වැරදි විදියට දකින් එක වැරදි ක්‍රියාවක්.

ඉදිරි දේශපාලන දැක්ම මොකද්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයකු විදියට කවුරුත් මේ මැතිවරණයට බය නැහැ. අපි ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඡන්දයට ඉදිරිපත් වුණහම ගමේ අවුරුදු 10ක් වැඩකරලා තියෙන්නේ කවුද කියලා පැහැදිලියි. ලයිට් දීලා තියෙන්නේ අපි, පාර හදලා දීලා තියෙන්නේ අපි, ඉස්කෝල, මොන්ට්සෝරි , වැව , ප්‍රජාශාලාව හදලා තියෙන්නේ අපි, ගමේ සියළුම සංවර්ධන කටයුතු සිදු කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව. එහි අයිතිය තිබෙන්නේ පක්ෂයට. ගම තීන්දු කරන්නේ ගමේ වැඩේ කර ගන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් . මේ කාරණා අපි දන්න නිසා මැතිවරණයට බයක් නැහැ. මේ රටේ ජනතාවට කරන්න පුළුවන් උපරිම දේ කරලා සැනසීමේ මැරෙන එක තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!