Gossip

මම කරේ ඒ ෆ්‍රේම් එක කඩන එක විතරයි – මට පස්සේ ආපු අය ඒක ජරා විදිහට කරනවා – නිරුවත් මියුසික් වීඩියෝ ගැන ඉරාජ් කියපු කතාව

ඉරාජ් වීරරත්න විසින් පසුගිය කාලයේ එළිදැක්වූ මියුසික් වීඩියෝ සඳහා ප්‍රතිචාර මෙන්ම විවේචනයන්ද එල්ල වුණා. අඩනිරුවත් වීඩියෝ කලාව පිළිබඳව ඔහු විසින් අපට පැවැසුවේ මෙවැන්නක්.

“මිනිස්සු තමන්ට කැමති ඒවා බලයි නැති ඒවා බලන්නේ නැතිව ඉඳියි. යූටියුබ් එකේ පේනවානේ කීයක් බැලුවද කියලා. සමහර වීඩියෝ පන්සීයක්, සමහර වීඩියෝ මිලියන හය හතක් බලලා තියෙනවා. මිලියන ගණන් බලල තියෙන ඒවා කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් ඉල්ලනවා කියන එකනේ. මියුසික් වීඩියෝ එකක් කිව්වාම සමාජය පණිවුඩයක් දෙන්න පුළුවන් දෙයකට පාවිච්චි කරන්න කියල තමයි මම කියන්නේ. නිරුවත කියන දේ ගත්තොත් මගේ මියුසික් වීඩියෝවල පාවිච්චි කරන පැටර්න් එකක් තියෙනවා. අවුරුදු දෙකකට කලින් මගේ මියුසික් වීඩියෝවක තොල් සිපගැනීමක් තිබ්බා කියලා ලංකාවේ අය යකා නැටුවනේ. ‘සිල් බිඳ ගත්තේ’ කියන මියුසික් වීඩියෝවේ තොල් සිප ගැනීම් තිබ්බා කියලා සමහරක් පිරිස් ප්‍රෙස්කොන්ෆරස් තියලා මාව තහනම් කරන්න ඕනා කියලා ඒ වෙගේ දේවලුත් වුණානේ. ලෝකයේ මම වෙන රටවල මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වාම උන් හිනා වෙනවා. “උඹලගේ රටේ තාම වහල්ලුද ඉන්නේ කියලා අහනවා”. ඉතිං දැන් ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙලා. තොල් සිප ගැනීම් දර්ශනයක් දැම්මා කියලා යන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. ඒක දැන් සාමාන්‍ය දේවල් වෙලා. මම කරේ ඒ ෆ්‍රේම් එක කඩන එක විතරයි. මට පස්සේ ආපු අය ඒක ජරා විදිහට කරනවා. තේරුමක් නැතිව සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරනවා. බලන අයත් ඒවා හරි නැත්නම් බලන්නේ නැතිව ඉන්න ඕනේ. මේක ජනමාධ්‍ය තුල නෙමෙයිනේ ප්‍රචාරය වෙන්නේ. සමාජ මාධ්‍ය තුලනේ. යූටියුබ් ගිහිල්ල, සර්ච් කරලා තමාගේ ඩේටා කපාගෙනනේ බලන්නේ. මේක බලෙන් පෙන්නන එකක් නෙමේනේ. ඒ දේවල් මිනිස්සු තීරණය කරන්න ඕනේ.”

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!