Gossip

“මම ආදරය කළා. ඒ නිසා අහිමි වෙච්ච දේවල් ගොඩායි. මගේම මෝඩකම නිසයි එහෙම වුණේ ” – ශෂී ඇන්ජලීනා

ශෂී ඇන්ජලීනා නිරූපිකාවක්, නිවේදිකාවක් විදියට තමයි මුලින්ම හඳුනාගත්තේ.
ඒ වගේම ඇයව රූප රචනා බොහොමයකින්ම අපිට දැකගන්න ලැබුණා.
පසුගිය දවස්වල අපිට ඇයව පුංචි තිරයේ රංගන ශිල්පිනියක් ලෙසත් හඳුනා ගන්න ලැබුණා.
ඒ ගැනත් ඇයගේ කලා ලෝකයේ අලුත්ම තොරතුරු ගැනත් ශෂී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

පසුගිය දවස්වල ශෂීව පුංචි තිරයෙන් දකින්න ලැබුණා
ඔව්. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු හතක් වෙනවා දැනට. මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණත් ඒවා බාරගත්තෙ නෑ.

පුංචි තිරයට එන්න කාලයක් ගියා නේද?
ඔව්. මීට කලින් අවස්ථා ලැබිලා තියෙනවා. හැබැයි පස්සේ පස්සේ සමහරුන්ගේ බලපෑම් මත ඒ චරිත නැතිවෙලා තියෙනවා.
දැන් නම් හැබැයි දිගටම ටෙලි නාට්‍යවල රඟපාන්න ආසයි.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා අඩුයිද?
එහෙම ලොකුවට ආරාධනා ලැබෙන්නේ නෑ. සාමාන්‍ය විදියට ආරාධනා ලැබෙනවා. අපි රංගනය වෙනුවෙන් ලොකු කැපවීමක් කළත් අපිට ඒවාට ලැබෙන අවස්ථාව අඩුයි.

එහෙම ආරාධනා අඩු වෙන්න හේතුව මොකක්ද?
ඒක නම් ඇත්තටම මොකක්ද කියලා දන්නෙ නෑ. අද ඊයේ ආපු අය ක්ෂේත්‍රයේ හොඳ තැනක ඉන්නවා.
ඉක්මනටම ඉස්සරහට යනවා. හැබැයි ඒ ගැන මට ඇත්තටම සතුටුයි. ඒ අය කොහොම එච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා හිතාගන්න බෑ.

ඔබට ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවාද?
කලකිරීමක් තියෙනවා. නැතුව නෙවෙයි. අපි කැප වුණාට අපිට අවස්ථා නෑ. හැබැයි මොන විදියෙන් හරි වෙන අය ඉස්සරහට යනවා. ඇත්තටම ඒ ගැන කලකිරෙනවා.

ඔය කියන්නේ ශෂීට ක්ෂේත්‍රය ඇතුළෙ කැපිලි තියෙනවා කියලාද?
මම හැමෝටම ආදරෙයි. ඒ වුණාට සමහර අය මාව කපනවා. වැඩවලට කතා කරන්න මගේ නම්බර් එක ඉල්ලුවාම ඒක ඒ අයට නොදෙන අය පවා ඉන්නවා. ඒකට හේතුව මොකක්ද කියලා නම් මම දන්නේ නෑ.

මියුසික් වීඩියෝවල රඟපාන එක නවත්තලා දැම්මද?
සම්පූර්ණයෙන්ම නැවැත්තුවේ නෑ. මොකද මම අවුරුදු හතක් තිස්සේ හදාගත්ත දේ නැති කරගන්න කැමැති නෑ.
හොඳ මියුසික් වීඩියෝ එකක් ලැබුණොත් කරනවා. ටෙලිනාට්‍යවල වැඩත් එක්ක කාලය හොයාගන්න අමාරුයි.

චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබුණා. මගේම මෝඩකම හින්දා මම ඒ සමහර අවස්ථා මිස් කරගත්තා. රෂ් කියලා ෆිල්ම් එකක් කළා.
ඒකෙ වැඩ ඉවරයි. තව චිත්‍රපට දෙකක වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. මම ඇත්තටම තාත්වික කතාවක රඟපාන්න ආසයි.

ශෂීට ජීවිතයේ මඟහැරුණු තැන් තියෙන්නේ රංගනයේ විතරද?
මගේ ජීවිතේ මට ටාගට් එකක් තිබ්බා. ඉතින් ඒ තැනට එද්දී මට ගොඩක් දේවල් මඟහැරුණා. මගේම මෝඩකම නිසා තමයි එහෙම වුණේ. ඇත්තටම ඒ ගැන කලකිරීමක් තියෙනවා. මොකද ඒ කාලය ආපස්සට ගන්න බෑනේ.

විවාහයක් ගැන තීරණයක් ගන්නේ කවද්ද?
මට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම ආදරය කළා. ඒ නිසා අහිමි වෙච්ච දේවල් ගොඩායි. ඒ නිසා මේ විදියටම ඉන්නවා. දැන් මම ඉදිරිය ගැන හිතලා වැඩ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!