Gossip

“මම අශාන්තිගෙන් වෙන්වෙලා නැහැ.. විවාහය ගැන තවම හිතලා නැහැ.. බුදු දහම ගැන මම ගොඩක් දේවල් හෙව්වා. ඉතින් මට ඕන වුණේ ඒකෙන් මගේ ජිවිතය සකස් කරගන්න”

රන්ධීන් කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්.
කාලෙන් කාලෙට අලුත් අලුත් දේ කරන රන්ධීන්ගේ අලුත්ම වැඩක් ගැන සතිඅන්ත පුවත්පතකට ඔහු මේ විදිහට කියලා තිබුණා.

මොකක්ද මේ නෞකා කියන්නේ?
නෞකා කියන්නේ මගේ අලුත්ම ගීතය.
ගීතය පදරචනය කළේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයා. තනුව භාතිය ජයකොඩිගේ. සංගීතවත් කළේ මගේ ‘මල්මදහාස’ ගීතය කරපු කෙන්. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ තාල රූප ආයතනය. ඒ වගේම රවි ජේ. කියන රැප් ආර්ටිස්ට් මේ ගීතයට සම්බන්ධ වෙනවා.

නෞකා කියන්නේ වෙනස් වැඩක්. ඇයි ඒ වගේ වෙනස් වැඩක් කරන්න හිතුවේ?
ඒක මේ යන රැල්ලත් එක්ක වෙනස් වීඩියෝවක්. ඒ වගේම සරල වීඩියෝවක්. හැබැයි ඒක සරල වුණාට ලොකු ගැම්මක් තියෙනවා.
ඒ වගේම අපිට හැමදාම එක විදියට ඉන්න බැහැනෙ. කලාකරුවෙක් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන.
නෞකා සින්දුවෙන් මම හිතුවේ අවුරුදු දහයකට ‍ෙදාළහකට කලින් සිටිය රැප් රන්දීර්ව ටිකක් ඉස්සරහට ගේන්න.

නෞකා ගීතයේ රැප් කරන්නේ වෙන ශිිල්පියෙක්. ඇයි ඒ?
මම ගීතය ගායනා කරන නිසා ඒ ගීතයට අලුත් වර්ණයක් දෙන්න තමයි රවි ජේ. ව එයට එකතු කළේ.

දැන් රන්දීර් ළඟ ළඟ ගීත රිලීස් කරනවා නේද?
මාර්තු මාසයේ ‘සුදු කිරිල්ලී’ කියන ගීතය කළා. මෙහෙමයි ඉතින් තව ගීතයක් කරන්න කාලය හරි කියලා හිතුණු නිසා මේ ගීතයත් කළා.

නෞකා ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ ගීතයට සෑහෙන්න හොඳ ප්‍රතිචාර තියෙනවා.

පහුගිය කාලේ ලොකු රාවයක් තිබුණා රන්දීර් සහ අශාන්තිගෙන් වෙන්වෙලා කියලා. ඇත්තටම මොකක්ද ඒකේ ඇත්ත කතාව.
මෙහෙමයි, අපි කණ්ඩායමක් වගේ හිටියට අපි හැමෝම තනි කලාකරුවො. ඒත් අපි එකට වැඩ කරනවා. ඒ වගේම තනි තනි වැඩත් කරනවා. අශාන්තියි මමයි අවුරුද්දක් වගේ නිහඬව ඉඳලා දැන් ආයෙත් ගීත කිහිපයක් කරනවා. ඒත් අපි කාගෙන්වත් වෙන්වෙලා නැහැ.

එහෙනම් ඇයි ඒ වගේ රාවයක් පැතිරුණේ?
ඒක වුණේ මෙහෙමයි. යම් පුවත්පත්, ආටිකල් එකකට අශාන්ති කිව්ව කරුණු වගයක් යම් පිරිසක් ටිකක් වෙනස් විදියට තේරුම් අරගෙන. එච්චරයි. ඒක නිසා තමයි එහෙම කතාවක් පැතිරුණේ.

තනියම වැඩ කරන්න හිතුවේ තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනඟා ගන්නද?
මෙහෙමයි, ඒ කණ්ඩායමේ ඉන්න සියලුදෙනාටම තමන්ගෙ කියලා අනන්‍යතාවක් ගොඩනැඟිලා තියෙනවා. ඉතින් ඒ පිරිස එක්ක වැඩ කරනවා වගේම තමන්ගේ නිර්මාණ කරන එකත් හොඳයි.

ඉස්සරහට යන්න ලේසි කණ්ඩායමක් හැටියටද? තනියමද?
කණ්ඩායමක් විදියට හිටියත් තනි තනිව හිටියත් ඉස්සරහට යන එක තමන්ට භාරයි. ඒක තමන් තේරුම් අරගෙන කරන්න ඕන. එතකොට ඉතින් ඉස්සරහට යන්න පුළුවන්.

රන්දීර් ක්ෂේත්‍රයට ආවේ රැප් ආටිස්ට් කෙනෙක් විදියට. ඒත් දැන් වැඩිපුර ගීත ගායනයට යොමු වෙලාවත්ද?
ගායනය පැත්තට වැඩිපුර යොමුවෙලා කියලා කියන්න පුළුවන්. ඒත් රැප් ආටිස්ට් කෙනෙක් විදියටත් තවම මම ඉන්නවා. ඒක මගේ ඉස්සරහට එන ගීතවලිනුත් පෙනෙයි.

රන්දීර් දැන් සරමට මාරු වෙලා නේද?
මෙහෙමයි මගේ යාළුවෙක්ගේ බ්‍රැන්ඩ් එකක් තියෙනවා. සරම කියන දෙයට පොඩි ජාත්‍යන්තර ටච් එකක් තියෙනවා. ඒ ප්‍රඩක්ට් එක නිසා තමයි සරමට මාරු වුණේ. එයාලගේ සරම් 10ක් විතර මගේ ළඟ ඇති. ඒක ඩිසයින් කරලා තියෙන විදිය හරි ලස්සනයි. අනික අපි අපේ දේ ලැජ්ජා නැතිව අඳින්න ඕන.

මොනවාද අනෙක් අලුත් වැඩ?
තව ගීත දෙක තුනක් එන්න තියෙනවා. යුරෝපීය සංචාර කිහිපයකට සහභාගි වෙන්නත් තියෙනවා.

ඊළඟ අලුත් ගීතය කවද්ද රසිකයන් අතරට ගේන්නේ?
මේ ගීතය ටිකක් ජනප්‍රිය වෙන්න දීලා තව මාස දෙක තුනකින් ගීතයක් කරනවා.

කොන්සට් එකක් කරන්න අදහසක් නැද්ද?
ලබන අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙනවා.

රන්දීර් දැන්වත් විවාහය ගැන හිතන්නේ නැද්ද?
දැන්ම නම් හිතලා නැහැ. ඒක මම විශ්වයට භාර දීලා තියෙන්නේ. ඉතින් ඒක හරි වෙලාවට වෙයි.

කතෝලික ඔබ දැන් බෞද්ධ දර්ශනය ගැනත් උනන්දුයි. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මම කතෝලික. බෞතීස්ම කරලා තියෙනවා. ඒත් මම මේ මෑතකදී පොඩ්ඩක් බුද්ධාගම පැත්තට හැරිලා තියෙනවා.
මම බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගත්තෙ මුහුණු පොතෙන්.

අපි කැමැති විෂයක් සම්බන්ධව තොරතුරු දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් භාවනා ගැන තොරතුරු මගේ ෆේස්බුක් එකේ එකේ වැටෙන්න මම සෙට් කරලා තිබුණා.

ඒකෙ ඇමෙරිකන් කෙනෙක් මෙහෙම දාලා තිබුණා. බුද්ධාගම ගැන සාරාංශයක් විදියට කියනවා නම් කරුණු තුනයි.
ඒ දුක්ඛ, අනිත්‍ය, අනාත්ම කියලා. ඒක මම ක්ලික් කරලා කියවනකොට මට තේරුණා මේක නේද ඇත්ත කියලා. එතැනින් එහාට බුදු දහම ගැන මම ගොඩක් දේවල් හෙව්වා. ඉතින් මට ඕන වුණේ ඒකෙන් මගේ ජිවිතය සකස් කරගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!