Gossip

“මම අද උදෙන්ම පොලිසියට යනවා කියලා වැඩට ගිය මහත්තයා පෙට්ටියකින් ගෙදර එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ දෙයියනේ ”- චීවරධාරියෙකුගේ පහරින් මියගිය PC ගේ බිරිඳ කියපු කතාව

“තව මාස ගාණයි රැකියාව කරන්න තියෙන්නේ. ඒ ටික කාලෙත් පොලිසිය වෙනුවෙන්ම හරියට රාජකාරි කරලා විශ්‍රාම යනවා. විශ්‍රාම ගිය දවසට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අවංකවම රාජකාරි කරන අපි වගේ අයට විතරයි. ඒ හින්දා මම අද උදෙන්ම පොලිසියට යනවා කියලා වැඩට ගිය මහත්තයා පෙට්ටියකින් ගෙදර එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.

මහත්තයා දරු දෙන්නාගේවත්, මගේවත් කවදාවත් හිත රිදෙන්න වචනයක්වත් කතා කරලා නැහැ. අනේ මගේ රත්තරන් ඉපදෙන ඉපදෙන ආත්මයක් ගාණේ මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන මොනව කියන්නද? අපේ බලාපොරොත්තු කොයි තරම් තිබුණද මහත්තයෝ…”

රත්නපුර පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී චීවරධාරියෙකු විසින් ගෙල සිරකොට ඝාතනය කළා යැයි කියන පොලිස් සැරයන් ජයමාන්න මොහොට්ටලාගේ චන්ද්‍ර ජයලාල් මහතාගේ දේහය අසල හිඳිමින් ඒ මහතාගේ ආදරණීය බිරිය ප්‍රමිතා වර්ණහීලි කල්දේරා මහත්මිය හඬා වැලපෙමින් පවසයි.

එම සැරයන්වරයාගේ නිසල දේහය පල්ලේබැද්ද, බඹරගස්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවෙසේ මේ වන විට මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

මේ අතර මියගිය පොලිස් සැරයන් සමරවික්‍රම මහතාට ඊට පෙරත් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදී මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බව කිළිනොච්චිය පොලීසිය සඳහන් කරයි

2016 වසරේ ඔක්තොම්බර් මස 25 වැනිදා උතුරු පළාතේ පැවති හර්තාල් ව්‍යාපාරයක් අතරතුර කිළිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදී බීමතින් හැසිරෙමින් ජනතාව පීඩාවට පත් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මියගිය සැරයන්වරයාට බීමතින් හැසුරුණු පිරිස් බෝතල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම බෝතල් ප්‍රහාරයෙන් සැරයන්වරයාගේ මුහුණට සහ ගෙල ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා සුවය ලැබීමෙන් පසු ස්ථාන මාරුවක් ගෙන රත්නපුර පොලිස් ස්ථානයට ගොස් ඇති අතර ඒ බව කිළිනොච්චිය පොලිස් වාර්තාවලද සඳහන්ව ඇත.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත ‍

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!