Gossip

මධූෂ්ගේ නඩු තීන්දුව ඔන්ලයින් ක්‍රමයට

මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකුගෙන් සමන්විත පිරිස ඊයේ(28) දින ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ තීන්දුව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රකාශයට පත් කරන බව වාර්තා වන අතර එම තීන්දුව අද (01) දින දැන ගැනීමට හැකි වන බව වාර්තා වනවා.

අබුඩාබිහි මහාධිකරණ විශාල ප්‍රමාණයක් තිබෙන අතර මේවායේ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම මෙරටට වඩා වෙනස් සංකීර්ණ කටයුත්තක් බැවින් අධිකරණ ක්‍රියාවලියේ තීන්දු තීරණ මේ ආකාරයෙන් ඔන්ලයින් ක්‍රමයට සිදුවනවා.

කෙසේවෙතත් මීට මසකට පෙර ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරවකු වූ මාකදුරේ මධුෂ් කලාකරුවකු වූ අමල් පෙරේරා ඇතුළු 31 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඊයේ ඩුබායි මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩුබායි නීති රීතිවලට පටහැනිව ක්‍රියා කර ඇති පිරිසට එරෙහිව එරට නීති මඟින් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර හෝ වෙනත් වැරදි කිසිවක් සිදු කර නැති පිරිස නිදහස් කර යැවීමට ඩුබායි මහාධිකරණය තීරණය කර ඇතත් එම තීරණය තව සති කීපයකින් නැවත එම නඩුව කැඳවා එදිනට එම නියෝගය ලබාදීමටත් තීරණය කර ඇති බව ද වාර්තාවේ.

අධිකරණ නියෝගවලින් පසු මෙම තිස් එක් දෙනාම යළි ඔවුන් සිටි බන්ධනාගාරය වෙත යොමුකරනු ලැබූ බවද වාර්තා වෙයි. තවද ඊයේ මෙම සැකකරුවන් ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කිරීම හා ඊට අදාළ සියලු කරුණු අද(01) දින මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන බවට තොරතුරු වාර්තාවනවා.

පසුගිය පෙබරවාරි 4 වැනිදා ඩුබායි පොලිසිය මගින් ඩුබායි හෝටලයක මත්ද්‍රව්‍ය ද භාවිත කරමින් පැවැති සාදයක් අවස්ථාවේ අත්අඩංගුවට ගත් මේ පිරිස ඩුබායි මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු ප්‍රථම අවස්ථාව මෙය වෙයි. එම කාලය තුළ මෙම සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ පැවැත්වූ ඩුබායි පොලිසිය තීරණය කර ඇත්තේ එරට නීතියට අනුව මෙම පිරිස අතරින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබාගෙන සිටි පිරිස වරදක් කර ඇති බවයි. ඒ බව තහවරු කර ගැනීම පිණිස මෙම 31 දෙනා සම්බන්ධයෙන් රුධිර පරික්ෂණ ඇතුළු තවත් කරුණු රැසක් පරික්ෂාවට ලක්කළ අතර පසුව එම පිරිස අතරින් 16 දෙනකුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!