තරු හුට පට

මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

2
කලකට ඉහතදී රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා.

2013 වසරේ දිනයක සිය කාර්යාලයට  නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග‍්‍රහයක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ‍්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තියෙනවා.

එම අවස්ථාවේදී එම ක‍්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක‍්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා.

ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට සැකකාර කළුආරච්චි විසින්  මරණ තර්ජන සිදු කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස බලකර තියෙනවා.

කෙසේ වෙතත් නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ‍්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප‍්‍රකාශ කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙන බවත් සඳහන්.

මේ අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත‍්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කර තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!