Gossip

මට පුරවැසිභාවයත් නැති වුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් නැති වුණා – ගීතා කුමාරසිංහ

ලාංකේය සිනමාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිලිපිණියක් විදියට ගීතා කුමාරසිංහ මහත්මිය හඳුන්වන්න පුළුවන්. දේශපාලන කරලිය තුළත් පසුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ ගීතාට පසුගිය දවසක මන්ත්‍රීධුරය පවා අහිමිවුණා. ඒවගේම පිළිස්සුම් අනතුරකටත් මුහුණ දුන් ගීතා මේ සියල්ල ගැන මාධ්‍යයට කියලා තිබුණේ මේ විදියට.

මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කවුරුන් විදියටද?
මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව්වොත් ගොඩක් කැමතියි. හැබැයි ඔබ කැමති නම් නිළියක් විදියට මා හඳුනාගත්තත් වරදක් නෑ.

දැන් ඔබ රඟපාන්නේ නැත්තේ ඇයි?
මම රඟපෑම පැත්තකට තියලා ජනතා සේවයට ආවා. මේ නිසා මුළු රටේම ජනතාව පහුගිය අවුරුදු 10 ඇතුළත මගේ රඟපෑමක් දැකලා නැහැ. දේශපාලන කටයුතුවලට යොමු වුණ හින්දා මට කලා කටයුතු වලින් ඈත් වෙන්න සිද්ධ වුණා.

දේශපාලනය කරන්න ගිහින් ගීතා කුමාරසිංහ කියන ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ නිළියගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
ඇයි අපි එහෙම හිතන්නේ. අද ලෝකේ ජනප්‍රිය නළු නිළියන් ලොකු ලොකු දේශපාලනඥයෝ වෙලා ඉන්නේ ඕන තරම්. ඉතින් නිළියක් වීමම මගේ දේශපාලන ජීවිතයට පහසුවක්නේ. මොකද මගේ නම කියූ සැණින් මිනිස්සු මාව දන්නවනේ.

අද තිබෙන සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ?
මට ඒ ගැන කතා කරන්න කලින් ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ කාලයක් ක්ෂේත්‍රයේ හිටපු නැති නිසා එක පාරටම යමක් කියන්න බැහැ. මොකද මම වැරදි දෙයක් කිව්වොත් කාට හරි අසාධාරණයක් වෙන්න පුළුවන්.

පසුගිය කා‍ලේ දේශපාලනයට ඇවිත් ඔබ බොහෝ දේ අහිමි කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්ත. මං මගේ පුරවැසිභාවය පවා අහිමි කරගත්තා. මගේ සැමියා පවා මාත් එක්ක තදින්ම උරණ වුණා. ඒක එයාට විසඳන්න බැරි ප්‍රශ්නයක් වුණා. දැන් මට පුරවැසිභාවයත් නැති වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් නැති වුණා. ඒත් මට සැනසිල්ලකට තියෙන්නේ එදා වගේම අදටත් මට ආදරේ කරන ජනතාව මාත් එක්ක ඉන්න එකයි.

ඔබේ දුව ගැනත් විවිධ කට කතා පැතිරුණා නේද?
මගේ දුවව මේවාට ගාවගන්න එපා. මගේ දුව පත්තරවල පින්තූරයකට පවා පෙනී ඉන්න කැමති කෙනෙක් නමෛයි. මට මඩ ගහන අයට මම කියන්නේ ඕන මඩක් මට ගහන්න. මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න කියලයි. ගොසිප් වෙබ් සයිට් ඉතින් ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒත් ඒවා ඇත්ත ‍නෙවෙයි. අපේ ගෙදර ගෑස් ටැංකිය පිපිරුණා. ඔය සමහර ඕප දූප වෙබ් සයිට් අනතුරෙන් පස්සේ මගේ මුහුණ පිච්චිලා වගේ වෙන අයගේ පින්තූර දැම්මා. මාසයයි දවස් පහයි ගියේ. ජනතාව මාව දැක්කා. මං දැන් කලින් හිටියාටත් වඩා ලස්සනට ඉන්නවා කියලා හැමෝම තේරුම් ගත්තා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!