Gossip

“මට එයාගෙන් ආදරය ලැබෙන්න ඕනෑ. ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ආදරයනේ”

කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ජනප්‍රිය චරිතයක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.
ඇය පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් නිළියක්.
ඇය සැබෑ ජිවිතයේදීත් පෙම්වතියක්ද..?
ඒ ගැන මේ විදිහට ඇය සතිඅන්ත පුවත්පතකට කියලාල තිබුණා.

ශෙහානිටත් පාසල් වියේ පෙමක් තිබිලා තියෙනවාද ?
ඔව් එහෙම ආදරයක් තිබිලා තියෙනවා. මගෙන් පිරිමි ළමයි යාළු වෙන්නත් අහලා තියෙනවා. පාසල් වියේ ඒක හැමෝටම විඳින්න ලැබෙන අත්දැකීමක්නේ.

හා හා පුරා කියලා ශෙහානිගේ ආදරය ලබන්න පින්පුරා තිබුණ ඔහු ගැන මතක තවමත් ඉතිරිවෙලා තියෙනවාද ?
පළමුවැනි ප්‍රේමය ඇතිවෙන්නේ මගේ ටියුෂන් පන්තියේදී. එයා මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල්. මම එතකොට අට වසරේ. එයා දහය වසරේ. ඒ කාලේ ආදරේ ගැන මහමෙරක වගේ බර දැනුන කාලයක් නම් නෙවෙයි.
හැබැයි චිත්‍රපටවල පුවත්පත්වල ටෙලි නාට්‍යවල ආදරය කරන ගැහැණු පිරිමි ළමයි අත් අල්ලගෙන ඇවිදගෙන යන ප්‍රේමජවනිකා දකිද්දි මටත් ආසාවක් ඇතිවෙලා තිබුණා.
පිරිමි ළමයෙකුගේ අතකින් අල්ලාගෙන ඇවිදගෙන යන්න. ඉතිං ඒ නිසා මමත් පිරිමි ළමයෙක් එක්ක යාළුවුණා.

හැමෝටම හොර රහසින් ආදර කතාව ගලාගියාද ?
නැහැනේ. අපේ පන්තියේ හරිම නිති රීති තිබුණා. අපේ සර් හරිම සැරයි. ඒ නිසා අපි මුණගැහිලා කතා කරන්න ලැබුණේ නැහැ.
හැබැයි එයාගේ පන්තියේ ගැහැණු ළමයි එයා දෙන ලියුම් මට ගෙනත් දෙනවා.
මමත් මම ලියන ලියුම් ඒ අයට දෙනවා. එයාට දෙන්න කියලා මේ විදිහට මාස හයක් විතර යදදි එයා දුන්න ලියුමක් යාළුවෙක් මට ගෙනත් දෙනවා සර්ගේ නෝනා දැකලා තියෙනවා.
එයා ඒ සිද්ධිය සර්ට කියලා මුළු පන්තියේම ළමයි ඉදිරියේ සර් මටයි ඒ පිරිමි ළමයටයි හොදටම බැන්නා.
මට හරි ලැජ්ජා හිතුණා. ඒ නිසාම මම ආයෙත් ඒ පන්තියට ගියෙත් නැහැ. මම පන්ති එන්නැති නිසා එයත් ඒ පන්තියට යන එක නැවැත්තුවා. ආයේ කවදාවත් මම ඒ පිරිමි ළමය දැක්කෙත් නැහැ. පළමු ප්‍රේමය එතැනින් ඉවරයි.

එතකොට අර දෑත් අල්ලගෙන ඇවිද යන්න පුරපු පාරමිතාව ?
අත් අල්ලාගෙන ඇවිදගෙන යන්න තිබුණ හීනය හීනයක් විදිහටම හිතේ බොදවෙලා ගියා.

ආයෙමත් පෙම් කරන්න හිතක් ඇතිවුණේ් කවදාද?
ඊට පස්සෙත් පිරිමි ළමයි ආදරය කරන්න අහපු අවස්ථා තිබුණා. හැබැයි ඒවා ආදර සම්බන්ධතා කියලා කියන්න බැහැනේ ඔය අතරේ කාලයක් තිස්සේ මගෙන් යාළුවෙන්න අහපු කෙනෙක් හිටියා. මම එයාට කැමැත්ත දුන්නා. හැබැයි ඒ ආදරයත් කාලයත් එක්ක මැකිලා ගියා. දැන් මම කාගේවත් පෙම්වතියක් නෙමෙයි.

ආදරයක් නැති ජීවිතයේ පාළුවක් දැනෙන්නේ නැතිද ?
ම්හ්” නැහැ. මේ වෙද්දි තවත් කෙනෙක් ගැන අවධානයක් දෙන්න මට පුළුවන්කමක් නැහැ.
වෙලාවකට මට මගේ දේවල්වත් හරියට කරගන්න බැහැ. ඉතින් වෙනත් කෙනෙක් ගැන හිතන්න ඉස්සර මං ගැන අවධානයක් ලබාදෙන්න ඕනෑනේ.

ශෙහානි ආදරය කරන්න කැමැති ?
එයා කලාවේද?. ව්‍යාපාරිකයෙක්ද ? වෙනත් රැකියාවක් කරන කෙනෙක්ද කියල හිතන්නේ නම් නැහැ.
මට එයාගෙන් ආදරය ලැබෙන්න ඕනෑ. ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ආදරයනේ. මගේ අයත් එක්ක සහයෝගයෙන් ඉන්න මාව තේරුම් ගත්ත හැම දෙයක්ම බෙදාහදාගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ.

විවාහයක් ගැන වැඩිහිටියන්ගෙන් බලපෑමක්වත් නැතිද ?
දැන් නම් ටිකක් විතර ගෙදරින් කියනවා විවාහයක් ගැන හිතුවොත් හොදයි කියලා. ඒත් ලොකු බලපෑමක් නැහැ.

ශෙහානිගේ රංගනයට පෙම් කරන අයගෙන් ආදර ඇරයුම් ලැබෙනවාද ?
එහෙම ආරාධනා ලැබිලා නැහැ. මම හැමෝමත් එක්ක යාළුවෝ වගේ හොදින් ඉන්නවා. එවැනි සම්බන්ධතා ඇතිකරගන්න හිතලා තියෙන යාළුකමත් නැතිවෙයි කියලා හිතෙන නිසා කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවුණත් මම ඒක පිටතට නොපෙන්වා ඉන්නවා.

හැබැ දිවියේ පෙම්වතියක් නොවුනට ශෙහානි රංගනයට ආදා ඉදන්ම තිරයේ පෙම්වතිය නේද?
පෙම්වතියගේ චරිතය විතරක්ම මට ගැලපෙනවා කියලා නම් කියන්න බැහැ. හැබැයි මට වැඩිය රගපාන්න ලැබිලා තියෙන්නේ පෙම්වතියගේ චරිතම තමයි. මම පෙම්වතියගේ චරිතය රගපාන්න කැමැතියි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!