Gossip

”මගේ ගාන රුපියල් දෙදාහයි.. කෑම කඩේ උඩම තට්ටුවේ රූම් තියෙනවා.. ඔයාට රුපියල් දෙදාස් පන්සීයකට වැඩේ කරගන්න පුළුවන්… මම ගණිකාවක් එච්චරයි”

මම නිෂාන් මම කොළඹින් පිට ගිහින් රස්සාවක් කරන්න හිතුවේ මගේ ගෙවල් පිහිටල තියෙන පරිසරය එච්චර හොඳ පරිසරයක් නොවුන නිසා.

මගේ ගෙවල් වලින් එලියට බැස්සහම ඕන තරම් ගංජා,කුඩු,පෙති,පැණි,ඈෂ්,කේජී,අයිස් කකුල් දෙක ලඟටම ඇවිත් විකුනන්න මිනිස්සු ඉන්නවා. මේ හේතුව නිසාමයි මම කොළඹින් පිට ගිහින් ජොබ් එකක් කරේ….

මම වැඩ කරන තැනින් නිවාඩු ඉල්ලගෙන ගෙදරට එන්න පිටත් වුනේ දවල් දෙකට විතර…
දවල් දෙකට කෝච්චියට ගොඩ වුන මම කෝච්චියෙන් බහිනකොට රෑ එකොලහට විතර ඇති…

මම කොටුව දුම්රිය ස්ථානයෙන් එලියට ඇවිත් එතන තිබුන ත්‍රීවීලර් එකක නඟින්න හැදුවත් ඒ ත්‍රීවීලර් එකේ මනුස්සයා කට කපලා නිදාගෙන ඉන්න විදිහ දැක්කම මට ඒ මනුස්සයට ඇහැරවන්නත් ලෝභ හිතුනා..

මම ඉතින් එතනින් පාර මාරු වුනේ කොටුව බෝ ගහ ලඟට යන්න හිතාගෙන…

මම පාර මාරු වෙනවත් එක්කම අවුරුදු විසි දෙකක විතර පෙනුමක් තියෙන ලස්සන කෙල්ලෙක් මගෙ දිහා බලාගෙන හිටියා…

මට හිතුනෙම මේ කෙල්ල බස් එක මගහැරිලා ගෙදර යන්න ක්‍රමයක් නැතුව පාරට වෙලා ඉන්නවයි කියලයි ඒතරම් අහිංස්ක පෙනුමක් තිබුන ඒ නංගි ලඟට මම ගිහින්…

“නංගි.. මේ පාර ඉන්න එච්චර හොඳ පාරක්නම් නෙමෙයි..”

“ඔව් අයියේ ඒක මම දන්නවා…”

“එහෙනම් මෙතන ඉන්නේ මොකද”

“ඔයා වටෙන් එන්න ඕනෙ නෑ… මගේ ගාන රුපියල් දෙදාහයි. අන්න අතන තියෙන කෑම කඩේ උඩම තට්ටුවේ රූම් තියෙනවා… පැයකට රුපියල් පන්සීයයි ගන්නේ. ඔයාට රුපියල් දෙදාස් පන්සීයකට වැඩේ කරගන්න පුළුවන්…”

ඒ කෙල්ල එහම කතා කරද්දි නිකන් මට දැනුනේ මගේ මූණට කවුරුහරි අත පුරෝලා පාරක් ගැහුව වගේ… ඒ කෙල්ල ඒ වචන ටික කියද්දි මම ඒ කෙල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියෙ..
ඒ කෙල්ලගෙ ඇස් වල තිබුන දුක කඳුළු මම හොඳින්ම දැක්කා… මම ඒ කෙල්ලගෙන් මෙහෙම ඇහුවා..

“නංගී ඔයා මේ වගේ රස්සාවක් කරන්න හේතුව මොකද්ද… ඔයාට වෙන රස්සාවක් කරන්න පුළුවන් නේ… ”

“අනේ අයියේ මේ ඔයා මෙතන හිටියොත් මට දවසෙ වියදමවත් හොයාගන්න බැරි වෙනවා.. කරුනාකරල මෙතනින් යන්න.. නැත්තම් මට රුපියල් දෙදාහක් දීලා අර රූම් එකටත් ගාන දීලා වැඩේ කරගන්න…”

ඒ නංගි එහෙම කියනවත් එක්කම මම පර්ස් එකෙන් රුපියල් දෙදාහක් ඇදල අරගෙන කෙල්ලට දික් කරල ඒ කෙල්ල කිව්ව විදිහට අර රූම් එකටත් පන්සීයල් දීලා.. ඒ නංගි එක්ක රූම් එකට ගියා..

මම ඒ නංගි එක්ක රූම් එකට ගිය ගමන් ඒ නංගි එයාගෙ ඇඳුම් පැලඳුම් බුරුල් කරන්න ගත්තා..
එතකොට මම…

“හෝ හෝ නංගි ඕක නවත්තන්න. ඔයාගෙන් මම ඕව බලාපොරොත්තුවෙන් නෙමෙයි ආවෙ.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ”

“මගෙත් එක්ක ආයෙ මොනා කතා කරන්නද අයියේ.. මගෙත් එක්ක කතා කරන්න දෙයක් නෑ මම ගණිකාවක් එච්චරයි…”

“ඇයි ඔයා මේ රස්සාව කරන්නේ…”

“මගේ ආදරේ නිසයි මම අද මෙහෙම පාරෙ දුක් විඳින්න. ගොඩක් මිනිස්සු හිතන්නෙ මම මේ රස්සාව ආසාවෙන් කරනව කියලා… ඒත් මේ දේවල් කොච්චර වේදනාවක් හිතේ තියාගෙන කරනවද කියල දන්නෙ මම විතරයි…”

“ඉතින් ඔයාට මේ කොළඹ ඔයිටවඩා හොඳ රස්සා ඕන තරම් තියෙන්නෙ ළමයෝ”

“මෙහෙමයි අයියේ මම මීට කලින් ඒ වගේ හොඳ රස්සාවක් කරපු කෙල්ලෙක් තමයි…”

“ඉතින් ඇයි මේ තත්වෙට වැටුනේ..”

“මම ඒලෙවල් කරල බී සාමාර්ථ තුනක් අරගෙන ඉන්නේ.. මගේ අම්මා විතරයි මාවයි මගේ නංගිවයි ජීවත් කරවන්න පොඩි කාලෙ ඉඳල හිටියෙ… මම කැම්පස් වලට ඇප්ලයි කරල මාව කැම්පස් වලට සිලෙක්ට් වුනත් මගේ අම්මගෙ අතේ සල්ලි තිබුනෙ නෑ මාව කැම්පස් යවන්න තරම්….
මම තීරණයක් ගත්තා මට ඉගෙනගන්න බැරිවෙච්ච එක මගෙ නංගිට මම උගන්නනව කියල.. ”

“ඉතින්..”

“ඉතින් මම ඊටපස්සෙ තමයි කොළඹ ඇවිත් රස්සාවක් කරේ මම රස්සාව කරේ රත්තරං බඩු හදන තැනක.. එතන මම අවුරුදු තුනක් වැඩ කරා.. මම එතන වැඩ කරල මගේ අම්මවයි නංගිවයි මට පුළුවන් උපරිම විදිහට මම තිබ්බ අයියේ… මම මගේ නංගිටයි අම්මටයි කිසිම අඩුවක් නොකර එයාලටත් සකලකගෙන මගේ පොතෙත් සල්ලි එකතු කරගෙන ලස්සනට ජීවත් වුනා… ”

“ඉතින් ඊටපස්සෙ මොකද වුනේ..”

“මං ඔය විදිහට ජොබ් එක කරගෙන යනකොට මං වැඩ කරන තැනට අලුතෙන් දමිත් කියල කොල්ලෙක් ආවා… ඒ කොල්ලා ටික දවසක් යනකොට මගේ හොඳම යාළුව වුනා.. මම ඒ කොල්ලට නොකිව්ව දෙයක් නෑ.. ඊටපස්සෙ ටික කාලයක් යනකොට ඒ කොල්ලා මගේ ආදරවන්තයා වුනා… මමයි එයයි යාළුයි කියල අපි වැඩ කරන තැනින් දැනගත්තහම දමිත්ව වැඩ කරන තැනින් අයින් කරා…. මම දමිත්ට වඩා පරණ කෙනෙක් නිසා මාව තියාගෙන එයාව අයින් කරා.. ”

“ඊටපස්සෙ…”

“ඊටපස්සෙ දමිත් සැරින් සැරෙට මගෙන් සල්ලි ඉල්ලුවා එයාට බිස්නස් එකක් පටන්ගන්න කියලා.. මම ඉතින් එයාව විශ්වාස නිසා එයාටසල්ලි දුන්නා.. එකදවසක් දමිත් මට කෝල් කරල මගෙන් ලක්ෂ තුනක් ඉල්ලුවා… ”

“ඉතින් ඔයාගෙ ලඟ එච්චර සල්ලි තිබුනද..”

“ඔව් මම ජොබ් එක කරන ගමන් සල්ලි එකතු කරානෙ මම එකතු කරපු සල්ලි ලක්ෂ තුනහමාරකුයි රත්තරං පවුන් තුනකුයි මගේ ලඟ තිබුනා…
මම ඉතින් ලක්ෂ තුනක් දමිත්ට දුන්නහම එයා තව කාලයක් ගිහින් මගෙන් අර රත්තරං පවුන් තුනත් ඉල්ලුවා…”

“එයා කොහොමද ඔයාගෙ ලඟ රත්තරං පවුන් තුනක් තියෙනව කියල දන්නේ..”

“එයා මගේ හොඳම යාළුව වෙලා හිටිය කාලෙ මම එයාට ඒ හැම දෙයක්ම කියල තිබුනා..
එයා මගෙන් ඒව ඉල්ලගත්තෙ ආයෙ මට ඒව දෙන්නම් කියල…”

“ඉතින් ඔයාට එයා ආයෙ ඒව දුන්නද..”

“නැහැ… ඒ වෙනුවට එයා මට ලොකූ තෑග්ගක් දුන්නා.. මම එයාට මගේ ලඟ තිබුන සල්ලි ඔක්කොම දුන්නා මගේ පොතේවත් රුපියලක්වත් ඉතුරු නොකර මම එයාට සල්ලි දුන්නා… ”

“ඉතින් ඊටපස්සෙ ඔයාට එයා මොකද කිව්වේ..”

“ඊටපස්සෙ ටික කාලයක් යනකොට එයා මගේ ලඟ සල්ලි නැහැ කියල දැනගත්තා… එයා මට එයාව හම්බෙන්න එන්න කියල හැම වෙලාවකම කිව්වා.. ඒ එන වෙලාවට ලස්සනට ඇඳගෙන එන්න කියලත් එයා මට කිව්වා..”

“ඉතින් ඒ ගිහාම මොකද වුනේ..”

“ඒ ගියහම එයා මාව එයාගෙ ෆෝන් එකෙන් ෆොටෝස් ගත්තා… එයා මට එහෙම එන්න කියල දවස් දෙකතුනක්ම ෆොටෝස් ගත්තා…”

“ඉතින් එයා ෆොටෝස් අරගෙන මොනාද කරේ..”

“එයා දවසක් මට එන්න කිව්වා කොටුවෙ රේල්වේ ස්ටේෂන් එකට මමත් ඉතින් ගියා… මම එතනට ගියහම එයා මට අයුතුයෝජනාවක් ගෙනාවා.. මම ඒකට බැහැයි කිව්වා… එතකොට එයා කිව්වේ එහෙනම් එයාව අමතක කරන්න කියලා…”

“ඉතින් ඔයා ඊටපස්සෙ ඒකට කැමති වුනා එහෙම නේද.

“ඔව් එයා එක්ක මම රූම් එකකට ගියා.. ඒත් මම රූම් එකට යනකොට ඒ රූම් එකේ පිරිමි අය තුන්දෙනෙක් හිටියා.. මම එතනින් පැනගන හැදුවත් දමිත් මට යන්න දෙන්නෙ නැතුව ඒ රූම් එක ඇතුලට ඇදල අරගෙන අර මිනිස්සු තුන්දෙනත් එක්ක එකතුවෙලා මාව විනාස කරා…
එදා ඉඳන් මට ගණිකාවක් කියන නම් හම්බුනේ…
මම ජොබ් එක කරන තැන අයටත් දමිත් මගේ ගැන වැරදියට කියල තිබුනා… ඒ අයත් මගේ දිහා වැරදි විදිහට බැලුවේ… මම අන්තිමට එතනින් අයින්වෙලා වෙන තැනක ජොබ් එකක් හොයාගත්තා… ඊටපස්සෙ දමිත් ආයෙත් මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා… මම ආයෙත් එයාට සල්ලි දෙන්නෙ නැහැ කියල කිව්වා.. ඊටපස්සෙ දමිත් මගේ චරිතෙ එහෙම්මම විනාස කරල දැම්මා.. ”

“ඒ කියන්නෙ…”

“එයා අඳුරන හැම කෙනෙකුටම මගේ ගැන වැරදි දේවල් කියල තිබුනා… එහෙම කරේ මම එයාට සල්ලි නොදුන්න නිසා.. මට කොහෙවත් නිදහසේ ජොබ් එකක් කරන්න දමිත් ඉඩ දුන්නෙ නෑ මම ජොබ් එකක් කරගෙන ටික කාලයක් එක තැනක හිටියත් ඒ වැඩ කරන තැන ඉන්න කොල්ලෝ එහෙම මට පන්දාහ හයදාහ දික් කර කර මට කුණු වචන කියනවා…
අන්තිමට මට නිදහසේ කරන්න පුළුවන් ජොබ් එකක් විදිහට හම්බුනේ මේ ජොබ් එක විතරයි…
මේ කිසිම දෙයක් මගේ රත්තරං අම්මවත් මගේ නංගිවත් දන්නෙ නෑ අයියෙ මම ඒ අය වෙනුවෙන් මේ වගේ දෙයක් හරි කරනව මට වෙන කරන්න දෙයක් නෑ..”

මේ නංගිගෙ කතාව අහපුවහම මගේ ඇස් වලට කඳූළු ආවා.. ඇත්තටම මට ඒ නංගි ගැන ලොකු අනුකම්පාවක් වගෙම ආදරයක් ඇති වුනේ ඒ කෙල්ල අවංක ආදරයක් නිසා තාමත් බැටකන නිසා.. මගේ හිතේ ඒ නංගි ගැන ආදරයක් තිබුනත් ඒත් එක්කම මට ලොකු බයකුත් දැනුනා..
ඒ මම මේ නංගි එක්ක එකට හිටියොත් මට නපුන්සකයා කියන නම සමාජෙන් ලැබෙයිද කියන එක…

මම මේ දේවල් ගැන ටිකක් වෙලා කල්පනා කර කර හිටියා..

“මොනාද අයියෙ කල්පනා කරන්නේ දැන් පැය එකහමාරකුත් ගිහිල්ලා… හරිනම් මට ඔයා තුන්දාහක් දෙන්න ඕනෙ…”

“නංගි ඔය වැඩේ අද ඉඳන් නවත්තන්න..”

මම එහෙම කිව්වම ඒ කෙල්ල කින්ඩියට වගේ හිනාවක් දාලා…

“අයිය කියන්නෙ මගේ අම්මවයි නංගිවයි බඩගින්නෙ තියල මගෙ නංගිගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න කියලද”

“මං ඔයාව භාර අරගෙන ඔයාවයි ඔයාගෙ පවුලයි බලාගන්න පොරොන්දු වුනොත් ඔයා ඔය කරන ජොබ් එක නතරකරනවද…”

මම එහෙම කියනකොට ඒ නංගි මගේ ඇස් දෙක දිහා කඳුළු පුරවගෙන බලාගෙන හිටියේ අහිංසක විදිහට..

මම එදා ගෙනාපු යෝජනාවට කැමැත්ත දුන්න නංගි මට මෙහෙම කතාවක් කිව්වා…

“අයියේ මගේ ඒකට අකමැත්තක් නැහැ ඒත් ඔයාට ලොකු අසාධාරණයක් වෙනව ඒ වගේම මට මේ සමාජෙ තියෙන තැන මොකද්ද කියලත් ඔයා හොඳාකාරවම දන්නවා.. ඔයා තව පොඩ්ඩක් කල්පනා කරල බලන්න… මාව භාරගෙන ඔයාට සමාජෙට මූණ දෙන්න පුළුවන් වෙයිද…”

“ඔයාගෙ නම කැත වෙලා තියෙන්නෙ කොළඹ කියන මඩ වලේ විතරයි නංගි… ඔයාගෙ ගමේ ඔයාට තිබුන ඒ ගෞරවය ඒ විදිහටම තියෙනව නේද නංගි.. අපි දෙන්නා ඔයාගෙගමට යමු ඔයාගෙ ගමේ ඉඳන් අපි ජීවත්වෙමු ඔයාගෙ අම්මයි නංගී එක්ක.. අපි ඔයාගෙ නංගිටත් හොඳට උගන්නමු…”

මං එහෙම කියනකොට ඒ නංගි අඬ අඬ මගේ කකුල්දෙක අල්ලලා වැන්දා…..
මම එදා නිවාඩුවට මගේ ගෙදර යන්නෙත් නැතුවම මම ඒ නංගිත් එක්ක එයාගෙ ගමට ගියා…

මම එදා ගත්ත තීරණේ නිසා විනාස වෙමින් තිබුන ජීවිතයක් ගොඩ ගත්තා කියල මට හිතෙනවා… මම ගත්ත තීරණේ සමාජෙ අය කොහොම දැක්කත් මම ගත්ත තීරනේ හරී කියල මගේ හිත මට කියනවා.. අහිංසක හිතක් තේරුම් ගන්න එක නපුන්සක කමකවත් කොන්දක් නැති කමක්වත් කියල මම හිතන්නෙ නෑ සමාජෙන් එහෙම හිතුවත් මං සතුටු වෙනව අද මම ඒ නංගිගේ එකම ස්වාමිපුරුෂයා වෙලා මටයි මගේ බිරිඳටයි පුංචි දරු දෙන්නෙකුත් ඉන්නවා…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!