Gossip

“මගේ අම්මා මාත් එක්ක හැම තැනටම එනවා – යම් යම් දේවල් නොවෙනවා නෙමෙයි මේ ක්‍ෂේත්‍රයේ – මොන ක්‍ෂේත්‍රයක වුණත් ඒ දේවල් වෙනවා” – නිපුණිකා හේවාගමගේ

නිපුනිකා මේ දවස්වල වැඩි සද්ද බද්ද නැත්තේ ඇයි?
මම ටෙලි ඩ්‍රාමා දෙක තුනක වැඩ කළා. ඒවා තාම විකාශය වුණේ නැහැ. සුපුරුදු විදියට හඬ කැවීම්වලටත් එකතු වෙනවා. මම කොහොමත් වැඩි සද්ද බද්ද නැහැ. වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙනවා.

නිපුණිකා කාලෙකට පේන්න ඉන්නවා කාලෙකට පේන්න නැහැ. නිපුනිකා අඩුවෙන් වැඩ කරනවා වගේ?
මට පසුගිය ටිකේ නිර්මාණ ලැබුණෙත් අඩුවෙන්. ලැබුණ නිර්මාණවලට දායක වුණා. ඒ නිර්මාණ තාම විකාශය වුණේ නැහැ.

දැන් රංගන ශිල්පිනියන් වැහි වැහලා. ඒ අතරින් නිපුනිකාට ලැබෙන අවස්ථා ගැන සැහීමකට පත්වෙන්න පුළුවන්ද?
මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ 2011දී. එදා ඉඳන් මේ දක්වා මාත් එක්ක වැඩ කරන්න කැමැති අය මට නිර්මාණවලට කතා කළා. සමහර අධ්‍යක්‍ෂවරු එක්ක මම දෙපාර තුන්පාර වැඩ කරලත් තියෙනවා. මගේ හැකියාව ගැන විශ්වාස කරලා මට ලැබෙන ආරාධනා ගැන මට සතුටුයි. ගැළපෙන චරිත මට ලැබෙනවා.

නිපුනිකාට ගැළපෙන චරිත කියලා විශ්වාස කරන්නේ මොන වගේ චරිතද?
යම් කිසි නිර්මාණයකට මම සම්බන්ධ වෙද්දි ඒක මගේ පවුලේ අයට චකිතයක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක් ද කියලා මම හිතලා බලනවා. ලේබල් ගහපු චරිත කරන්න හැකියාවක් නෑ. මගේ සීමාව ඇතුළේ කරන්න පුළුවන් නිර්මාණවලට තමයි මම සම්බන්ධ වෙන්නේ.

ඔබට සීමා පනවා ගත්තේ ඔබමද? නැතිනම් වෙන කවුරු හරි ඔබට සීමා පනවලා තියෙනවාද?
මගේ පවුලේ අයගෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා මාත් එක්ක හැම තැනටම එනවා. හැබැයි ඒ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි. අම්මයි මමයි ගොඩක් සමීපයි. ඉතිං අම්මා මට උදව් කරන්න තමයි මාත් එක්ක එන්නේ.

අම්මා නිපුණිකාගේ පස්සෙන්ම එන්නේ ඔබව පරිස්සම් කරන්න නෙමෙයිද?
මේ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි අම්මා මාත් එක්ක එන්නේ. අපි හරියට ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. මේ ක්‍ෂේත්‍රයේ යක්කු නෙමෙයි ඉන්නේ. යම් යම් දේවල් නොවෙනවා නෙමෙයි මේ ක්‍ෂේත්‍රයේ. මොන ක්‍ෂේත්‍රයක වුණත් ඒ දේවල් වෙනවා. නමුත් තනි කැමැත්තෙන් කිසි දෙයක් වෙන්නේ නෑනේ. ඒ නිසා තමන් ඉන්න ඕන විදිය තමන් දැන ගන්න ඕන.

ගොසිප්වලින් බේරිලා ඉන්න තරම් නිපුනිකා ගොඩක් පරිස්සම් වෙනවාද?
මගේ ලොකු පරිස්සමක් නෑ. ගෙදර ඉන්න මමමයි මම පිටට ගියාමත්. මම හැමෝම එක්කම යාළුයි. හැබැයි මම එළියේ දේවල් ගෙදරට ගේන්නෙවත් ගෙදර දේවල් පිටට ගෙනියන්නේවත් නැහැ. මං ගැන කවුරුත් ගොසිප් අහලා නැතුව ඇති. සමහරු නම් හැම දෙයක්ම ගොසිප් කර ගන්නවනේ. තමන් හරි දේ කරනවා නම් බය වෙන්න ඕනේ නෑ.

නිපුනිකා කියන්නේ ජනප්‍රිය චරිතයක් කියලා හිතනවාද?
මම මිනිස්සු අතර ඉන්න කෙනෙක් කියලා මට දැනෙනවා. ප්‍රේක්‍ෂකයෝ කියන දේවල් එයාලගේ පිළිගැනීම එක්ක මට ඒක දැනෙනවා.

ඒත් ඔබට තාම ජනප්‍රිය සම්මානය ලබන්න බැරි වුණා?
මම කැමැතියි ජීවිතයේ කවදාහරි දවසක සම්මානයක් ගන්න. මම ඒකට පාර කපාගෙන යනවා. ලැබෙන්න තිබ්බොත් ඒ දේ අනිවාර්යෙන් ලැබෙයි. මට ලැබෙන චරිතවලින් හැකියාව පෙන්වන්න පුළුවන් වුණොත් මට කවදාහරි සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

නිපුනිකා හඬ කැවීම් ක්‍ෂේත්‍රයටත් එකතු වුණානේ. හඬ කැවීම් ක්‍ෂේත්‍රයේ අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?
තාමත් ආදරේ නැත්නම් නාට්‍යයේ හඬ කැවීම්වලට මම හරි ආසාවෙන් එකතු වුණා. ඒක පසුගිය දවස්වල ඉවර වුණා. මම හඬ කැවීම් ක්‍ෂේත්‍රයට ආසයි. රූපය නොපෙනී කටහඩින් දෙයක් කරන එක විශේෂයි. ගෙදර අයත් අහනවා මේ මමද කියලා. තවත් ආරාධනා දෙක තුනක්ම ලැබිලා තියෙනවා. රූගත කිරීම් එක්ක කාලය කළමනාකරණය කරගෙන හඬ කැවීම්වලටත් සම්බන්ධ වෙනවා. වෙළෙඳ දැන්වීම්වල හඬ කැවීම්වලටත් එකතු වෙනවා.

පුංචි තිරයේ දකින නිපුනිකා සිනමාවේ දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
සිනමා නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ අවස්ථා ලැබුණේ ටෙලි නාට්‍යවල කාර්ය බහුල වෙලා ඉන්න අවස්ථාවල. භාරගත්ත ටෙලි නාට්‍ය තිබ්බ නිසා අකැමැත්තෙන් වුණත් ලැබිච්ච චිත්‍රපට අතහරින්න වුණා.

නිපුනිකාට ආදරය දැනෙන්නේ කොහොමද?
ආදරය කියන්නේ සරල දෙයක් නෙමෙයි. අපි ජීවිතයේ ආදරය කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් සියලු වැඩ රාජකාරි මැද ඒ කෙනා ආදරය කරන කෙනාට කාලය වෙන් කරනවා නම් ඒක හරි වටිනවා. ආදරය කියන්නේ ලබන්න ඕන, ලැබිය යුතු දෙයක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!