අපි අතරින් ඈත් වුණු කෙනෙකුගේ ඡායාරූපයක් දැක්කොත් අපේ මතකය අලුත් වෙනවා.
සමහර විට ඒ මතකය වේදනාවක් වෙන්නත් පුළුවන්.
ඒ වගේ සිදුවීම්, එහෙමත් නැත්නම් ඡායාරූප දිහා බලලා සමහරු ලස්සන සටහන් තබනවා.
මේ සටහනත් ඒ් වගේම දෙයක්. කියවලම බලන්න කොයි තරම් හිතට දැනෙනවද කියලා.
මල් අතර දුව පැන්න
අකාසෙ තරු ගැන්න
කවි ගීත ගය ගයා
මගෙ උකුලෙ නළවාපු
මගෙ දුවේ ඇහැරෙන්න
ඇහැරෙන්න ඇහැරෙන්න…
අත්තම්ම මග බලන්
කතා කියලා දෙන්න
දුව ඔහොම ඉන්නකොට
හිස් වෙලා මුළු ගේම…
බඩගිනිත් ඇති නේද
බත් කටක් කවන්නද
ගල් හිතක් මට කොහිද
මගේ දුව ඇහැරෙන්න…
බෝනික්කො අඬනවා
දුව නැතුව පාලුවට
යාලුවොත් ඇවිල්ලා
මගෙ දුවව බලන්නට
ඇස් ඇරල අහනවද
මල් පොකුර ලස්සනද
ඇහැරිලා බලනවද
මම මැහුවෙ සුදු ගවුම…
තාත්තත් පියඹනවා
එහෙ ඉදල හෙට උදේ
මගෙ දුවට ඇහෙනවද
දැන් ඉතින් හිනැහෙන්න
හිස හිමින් පිරි මදිමි
සුරඟනට නිදියන්න
තාත්තත් ආවහම..
මගෙ දුවේ ඇහැරෙන්න..
උපුටා ගැනීම – තරිඳු අමිල