Gossip

“මං ගයාන් ළග ඉන්නවා නම් ගොඩක් දේවල් ලැබෙනවාලු. එක ෂොට් එකක් හතර පස් වතාවක් ගන්නවා”

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා.
මේ ගයාන් ගැන චතුරිකා කියපු කතාවක්.

සහකරුවෙක් විදියට
ඕනෑම කාන්තාවක් බලාපොරොත්තු වෙන ආදරය, රුකවරණය, විශ්වාසය කියන දේවල් මට ගයාන්ගෙන් සියයට සීයයක්ම ලැබෙනවා. ඒ වගේම තමයි ගයාන් වෙන අය ඉදිරියේ මාව දෙවැනි තැනට පත් කරන්නෙත් නෑ.

තාත්තා කෙනෙක් විදියට ගයාන්
හරියට නීතියට වැඩ කරන කෙනෙක්. පුතාට ඉගෙනීමේ කටයුතු වලට වුණත් පහසු වටපිටාවක් හදලා දීලා තියෙනවා. හැබැයි ඒවාට පහසුකම් දුන්නාට මදි පුතා ඉගෙනීම් කටයුතු හරියට කරන්නත් ඕන. නැත්නම් එයාට කේන්ති යනවා.

ගයාන්ගේ ළගම හිතවතුන්
හිතවත් යාළුවෝ කිහිපදෙනෙක්ම ආශ්‍රය කරනවා. ගෙදර අය, එතකොට අම්මා, තාත්තා, මගේ නංගි ඒ අයව තමයි ගොඩක් ළගින් ආශ්‍රය කරන්නේ.

යාළුවෝ ආශ්‍රය කරන්න ගයාන්ට මම නිදහස දීලා තියෙන්නේ. එයා යාළුවොත් එක්ක ඉන්න තැන්වලට මම යන්න වැඩිය කැමැති නෑ.

ගයාන්ට නැතිවම බැරි අය
නැතුවම බැරි කෙනා මම කියලා තමයි කියන්නේ. මං ගයාන් ළග ඉන්නවා නම් ගොඩක් දේවල් ලැබෙනවාලු. මං නිසා එයා ළගට ගොඩක් දේවල් එනවාලු.

ගයාන්ට කේන්ති ගිය වෙලාවට
කේන්ති ගිය වෙලාවට එයා කෑ ගහනවා. සමහර වෙලාවට සද්ද නැතිව ඉන්නවා. ඒ වෙලාවට මම බලෙන් හරි කතා කරලා දෙකෙන් එකක් බේරුම් කර ගන්නවා.

රගපෑම සහ අධ්‍යක්ෂණය දෙකෙන් ගයාන්ට වැඩිපුරම ගැළපෙන්නේ
ඒ දෙකම ගයාන් හොදට කරනවා. රගපෑම හරිම තාත්විකව කරනවා. බොහොම සුළු පිරිසකට විතරයි එහෙම තාත්විකව රගපාන්න පුළුවන්. අධ්‍යක්ෂණය අතින් ගත්තොත් ඉතාම හොද අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම තමයි සතුටු කරන්න අමාරු අධ්‍යක්ෂවරයෙක්. කොච්චර හොදට රගපෑවත් එක ෂොට් එකක් හතර පස් වතාවක් ගන්නවා.

කොයි වගේ ෆැෂන් කරන්නද ගයාන් කැමැති

ගයානුයි, මමයි දෙන්නාම ෆැෂන් කරද්දී එහෙම විශේෂයෙන් තෝරා ගන්නේ නෑ. එළියට යද්දී Smart casual අදිනවා. විශේෂ අවස්ථාවලට යද්දී තමයි ෆැෂන් ගැන හිතන්නේ.

ගයාන් යන්න අකමැති තැන්නොදන්න පිරිසක් ඉන්න තැනක ඉන්න කැමති නෑ. අපි හදුනන්නේ නැති කට්ටිය ඉන්න තැනක ඉන්න එක ගැන එයා ටිකක් හිතනවා.

නිදහසක් ලැබුණාම ගයාන් මොනවද කරන්නේ
එහෙ මෙහෙ යන්න කැමැතියි. නිදහසක් ලැබුණාම පොත් කියවනවා. ෆිල්ම්ස් බලනවා. Adventure වැඩ කරන්න තමයි ගොඩක් කැමැති.

ගයාන් වැඩිපුරම ලබන්න කැමැති තෑගි
ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ, ඇදුම් පැලදුම්, සුවද විලවුන්වලට තමයි කැමැති. එයා තරහා වුණාම මම මොකක් හරි ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩයක් දීලා යාළු කර ගන්නවා.

ගයාන් ගැන අපි නොදන්නා රහස්
ගයාන් හරිම සංවේදී කෙනෙක්. එක පාරටම දුක හිතෙනවා. කේන්ති යනවා. පොඩි දේ ගැනත් හරි ලොකුවට හිතනවා. මමයි පුතයි ගොඩක් වෙලාවට එයාට කියනවා පොඩි පොඩි දේවල් ගැන ඔච්චර හිතන්න එපා කියලා. ඒත් ඒ දේ එයාට පුරුද්දට ගිහින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!