Gossip

මංගල්‍යය ප්‍රතිඥාවේදී මේගන් විසින් හැරී කුමරුට කීකරු සහ අවනත වන බවට කියන්නේ නැහැලු

චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝන් චැපල් දේවස්ථානයේ දී අද සිදුකෙරෙන අතර, එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් මාළිගා පරිශ්‍රය ආසන්නයේ සහ වීථිවලට එක්රැස් වනු ඇති.

මේඝන් මේකල්ගේ පියා මෙම මංගල්‍යයට සහභාගි නොවන බැවින් ඇය දේවස්ථාන ප්‍රවේශ මාර්ගයට යොමු කරන්නේ චාල්ස් කුමරු විසින්.

මංගල්‍යය ප්‍රතිඥාවේදී මේගන් මාකල් සිය සැමියා බවට පත්වන හැරී කුමරුට කීකරු සහ අවනත වන බව ප්‍රකාශ නොකිරීම ද විශේෂත්වයක්.

හැරී කුමරුගේ දෙවන මනමාලයා ලෙස ඔහුගේ සොහොයුරු විලියම් කුමරු එක්වන අතර, ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද මල් කුමර, කුමරියන් ලෙස එක්වනවා.

රාජකීය මංගල්‍ය උත්සවය සඳහා සහන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පොදුජනතාව අතරින් 1200 දෙනෙකුට ද වින්ඩ්සර් මාළිඟ පරිශ්‍රයට ආරාධනා කර ඇති බව සඳහන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!