Gossip

භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි මෙන්න – Photos

භූතාන රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූත පිරිසක් පසුගියදා ලංකාවේ සංචාරයකට පැමිණ මිහින්තලය රජමහා විහාරය වැදපුදාගෙන තිබුණා.
ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට අවශ්‍ය බව අදාල හිමිනම ඇවටිලි කර තිබූ අතර උන්වහන්සේ අවුරුදු දෙකේදී පැවදි බිමට පාතබා තිබෙනවා.
දැන් සිව්වැනි වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමි ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය ගැන ඇති දැනීම ගැන මහරැජිනිය මෙන්ම මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.
සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරාගේ විහාරයේ නායක හිමිපාණන්, හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස මිහින්තලය පූජා භූමිය වැදපුදාගෙන තිබුණේ පසුගිය 31 වැනිදායි.
සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පවසා තිබෙනවනා.
මෙම සාමනේර හිමියන් අපේ රටේ ශාසනික ඉතිහාසය ගැන ඇති දැනීම පිළිබඳව විහාරාධිපති හිමියන් මෙසේ පවසා තිබුණා.
ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම සාමනේර හිමියන් හොඳින් දන්නවා.
කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් කියලා තිබුණා.
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා.
රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.
උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ.
මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා.
මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.
ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා. මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.
සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති.
බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් හුඟක් දේ දන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!