Gossip

බෝලේ වගේ මහතයි කියලා දුක්වුණු කාලේ ඉවරයි.. චබී කෙල්ලන්ට ලස්සන වෙන්න අපූරු විලාසිතා ටිකක් මේ..

තරබාරුව කියන්නේ අනෙක් අයට කෙසේ වෙතත් තරුණියන්ට නම් කනගාටුවට කරුණක්. කන්න ගියත් අඳින්න පලඳින්න ගියත් මහත තමයි එයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ…ඇඳුමක් ගන්න ගියාම තමන් ආසම විලාසිතාවට හරස් වෙන්නෙත් මේ තරබාරුව නම් අද අපි කියාදෙන්නේ චබී කෙල්ලන්ට තමන්ගේ මහත තරමක් අඩු කර පේන්වන විලාසිතා තෝර ගන්න ටිප්ස් කිහිපයක්.

හරස් ඉරි සහිත ඇඳුම් එපා
මහත පෙනුම අඩු කර උස ගතියක් ඉස්මතු කර පෙන්වන්න සිරස් ඉරි සහිත විලාසිතාවකට පුළුවන්. හැබැයි ඔබ තෝරා ගත යුත්තේ සිහින් දිගු ඉරි සහිත ඇඳුම් පමණයි.

මහත අයට තද වර්ණ
අඳුරු දේවල් කුඩාවට පෙනෙන විදිහටලුනේ අපේ ඇස් හැදිලා තියෙන්නේ. ඉතින් මේ මැජික් එක මහත පෙනුමක් තියෙන අයටත් කරලා බලන්න පුළුවන්. නිතරම කළුවට හුරු තද වර්ණ මහත පෙනුම අඩු කර පෙන්වන නිසා තද වර්ණයෙන් යුතු ඇඳුම් තෝරා ගන්න. තනි පාට තද වර්ණයෙන් යුතු ඇඳුම්වලට වැඩි තැනක් දෙන්න. සිරුරේ උඩු කොටස පළලින් අඩු නමුත් කකුල් මහත කෙනෙක් නම් තද පාට සායවලට ළා පාට බ්ලවුස් හෝ ටී ෂර්ට්ස් අඳින්න. ලොකු මෝස්තරවලින් යුතු ඇඳුම් මහත වැඩි කර පෙන්වන නිසා කුඩා මෝස්තරවලින් යුතු ඇඳුම් තමයි වඩාත් සුදුසු.

ඩෙනිමට ජැකට් එකක්
ඩෙනිම කියන්නේ අද තරුණ පරපුරේ ජාතික ඇඳුම වගේ. ටිකක් මහත තරුණියක් ඩෙනිමක් එක්ක තද පාට ජැකට් එකක් ඇන්ඳොත් ශරීරයේ උඩ කොටසේ මහත පෙනුම අඩු කර ගන්න පුළුවන්. ජැකට් එකක් ඇන්දට බොත්තම් දාන්න යන්න නම් එපා.

මහත බඳ පටි නම් එපා
දැන් කලිසම්වලට වගේම ගවුම්වලටත් බෙල්ට් එකක් පලඳින එකත් විලාසිතාවක්. එහෙම ඇඳුම් ඔබත් මිලදී ගත්තට කමක් නැහැ හැබැයි මහත බෙල්ට් එකක් වෙනුවට සිහින් බඳපටි හෝ සිහින් බඳපටි තිබෙන ඇඳුම් තෝර ගන්න. මහත බඳ පටි වැඩි චබි ගතිය තවත් ඉස්මතු කර පෙන්වනවා.

ඉණෙන් උඩට අඳින ජීන්ස්
කෙහොමටත් මේය දැන් බොහෝ තරුණියන් අතර ට්‍රෙන්ඩ් එකක්. බඩ ප්‍රදේශය වැහෙන නිසා මේක මහත අයට කියාපු විලාසිතාවක්.

බැගී කලිසම් එළියට
පෙන්සිල් කට්, ස්ට්‍රෙට් කට්, හයි වේස්ට් වගේම බෙල් බොටම් විලාසිතාව දැන් තරුණියන් අතර ෆැෂන් ට්‍රෙන්ඩ් එකක්. හැබැයි ඉතින් ට්‍රෙන්ඩ් එක වුණත් මහත යුවතියකට නම් මේ විලාසිතාව ගැළපෙන්නෙම නැහැ. ඒ වගේම පමණට වඩා එල්ලා වැටෙන ඇඳුම්වලින් මහත හංගනවා කියල හිතුවට ඒකෙන් වෙන්නෙ නැති මහතක් පෙන්වන එක. උඩ කොටස මහත කකුල් මහතින් අඩු යුවතියන්ට ළා පාට කලිසම් ද උඩු කොටස පළලින් අඩු කකුල් මහත යුවතියකට වඩාත් ගැළපෙන්නේ තද පාට කලිසම් බව සිහිතබා ගන්න.

හමේ පාට පාවහන්
කොට ඇඳුම් අඳිනවා නම් කකුලේ පාටට බොහොම සමාන පාටින් පාවහන් තෝරාගන්න. උදාහරණයක් විදියට ළා දුඹුරු සමක් තියෙනවා ළා දුඹුරු පාට පාවහන්ම තෝරගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!