Gossip News

ඉබෝලා රෝගය වැළදීමේ සිදුවීම් 3 000කට ආසන්නයි මරණ 2000 ඉක්මවයි..

ඉබෝලා රෝගය ඉතාමත් ශීග්‍රයෙන් ව්‍යාප්ත වී යන බව කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

ඉබෝලා රෝගය හේතුවෙන් ප්‍රජාතාන්ත්‍රික කොංගෝ රාජ්‍යෙය් සිදුවූ මරණ සංඛ්‍යාව දෙදහස ඉක්මවන බව එරට රජයේ නිල වාර්තා තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඉබෝලා රෝගය වැළදීමේ සිදුවීම් 3 000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ඊට අනුව ඉබෝලා වෛරසය වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇති දෙවැනි රාජ්‍යය බවට කොංගෝව පත්වෙලා.

ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍යමය පිළිවෙත් අනුගමනයට ජනතාව දක්වන මැලිකම මෙලෙස රෝගය ශීග්‍රෙයන් ව්‍යාප්තවීමට හේතුවී ඇති බව රජයේ මතයයි.

එමෙන්ම රටේ දුෂ්කර පළාත්වල හා යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති නැගෙනහිර කලාපයේ වෙසෙන ජනතාව වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වී සිටින බවටද වාර්තා වෙනවා.

එන්නත් හා ප්‍රතිකාර ලබාදීම කෙතරම් වේගවත් කළත්, මෙවන් බාධා හේතුවෙන් රෝගය ව්‍යාප්තිය පාලනය බෙහෙවින් අපහසුවී ඇති බවද කොංගෝ බලධාරින්ගේ මතයයි.

කොංගෝ රාජ්‍යෙයන් ඉබෝලා රෝගය වාර්තා වූ දසවැනි අවස්ථාව මෙයයි.

පළමු අවස්ථාවලදී එරට කදුකර ප්‍රෙද්ශවලින් පමණක් වාර්තා වූ ඉබෝලා වෛරසය මෙවර රටපුරා ස්ථාන රැසකින් වාර්තා වී ඇත්තේ දැඩි අවදානම් සහගත තත්ත්වයක් උදාකරමින්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉබෝලා යනු 2013 -2016 කාලසීමාවේදී බටහිර අප්‍රිකාවට බලපෑ මාරාන්තිකම රෝගයයි.

එය දැනට එහි පුද්ගලයින් 28 000කට වැලදී ඇති අතර වෛරසය ආසාදනයවීමෙන් මියගිය පිරිස සංඛ්‍යාත්මකව 11 300ක් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!