Gossip

බෙල්ල හිරකළාම ඇඳ කඩාගෙන වැටුනා.. සද්දෙට පොඩි උන් දෙන්නාත් ඇහැරුණා. සැමියාව මරන්න පෙම්වතා සමග සැලසුම් කළේ දින පහකට කළින්.”

සිය අනියම් සැමියා සමග එක්ව නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට වාද්දුව දෙල්ව ප‍්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ අනියම් සැමියා ඊයේ (07දා) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව දෙල්ව රන්මුතු උයනේ පදිංචි මියගිය අයගේ බිරිඳ චන්දිමා දමයන්ති (37) සහ ඇයගේ අනියම් සැමියා වන එගොඩ ගමගේ සමන් (44) යන දෙදෙනා බව පොලිසිය පවසයි.

ඉකුත් 05 වැනිදා අළුයම 02.00 ට පමණ පානදුර මුලික රෝහලට ඇතුළත් කළ දෙල්ව රන්මුතු උයනේ පදිංචිව සිටි දෙදරු පියකුවූ ගුරුගේ ලලිත් පෙරේරා (39)යන අයගේ මෘත ශරීරයේ ගෙලෙහි ඇඟිලි සළකුණු සහ අත් පා වල තුවාල තිබීම නිසා මරණය පිළිබ`ඳ සැකසහිත බැවින් පානදුර මූලික රෝහලේදී ඉකුත් 06 වැනිදා පස්වරුවේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර තිබේ.

ඒ අනුව එම මරණය හුස්ම හිරවෙන තුරු ගෙල මිරිකා සිදුකර ඇති බවට පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා විසින් නිකුත්කළ වාර්ථාවේ සඳහන් වේ.

ඒ අනුව මොරොන්තුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කැලූම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ ආරම්භ කර මනුෂ්‍ය ඝාතනයට සැකපිට සැකකරුවන් ඊයේ (07දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඝාතනයට යොදාගත් ඇඳ ඇතිරිල්ල සහ ඒ මොහොතේ සැකකාරිය සහ සැකකරු ඇඳ සිටි ඇඳුම් ද තමන් භාරයට ගත් බව පොලිසිය කියයි.

සිය අනියම් සැමියා සමග එක්ව සැමියා ඝාතනය කිරීමට දින පහකට ප‍්‍රථම සැලසුම් කළ බවට සැකකාර කාන්තාව පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇත. ඉකුත් 04 වැනිදා රාති‍්‍ර 10 ට පමණ අනියම් සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී සිය නිවසට ගෙන්වා ගැනීමෙන් පසු සිය නිදියහනේ ඇති ඇඳ ඇතිරිල්ල

සැමියාගේ ගෙලට සිරකර අනියම් යුවළ එක්ව ඇඳ උඩ නැගී ගෙල සිරකර ඇති බවට මේ වන විට සිදුකළ පරීක්‍ෂණ අනුව තහවුරු වී ඇති බව පොලිසිය කියයි.

අනියම් යුවළ එක්ව ඝාතනය සිදුකරන අවස්ථාවේ මියගිය පුද්ගලයා නිදා සිටි ඇඳ කැඞී ඇති අතර එම ශබ්දයට ඝාතනය සිදුවන අවස්ථාවේ ඊට යාබද කාමරයේ නිදා සිටි 8 සහ 4 වියේ පසුවන දරුවන් දෙදෙනා අවදි වී ඇති බවත් පැවසේ.

සැමියා යටතේ සේවය කරන තරුණයෙක් එම නිවසේ ඉහළ මාලයේ නැවතී සිට ඇති අතර ඔහු සමග එක්ව සැමියාගේ මළ සිරුර පානදුර මුලික රෝහලට රැුගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පානදුර කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී සහ අපරාධ ස්ථාන නිලධාරීන් ඊයේ (07) ඝාතනය සිදුකර ඇති කාමරය පරීක්‍ෂා කරන ලදී.

අත්අඩංගුවට පත් සැකකරු සහ සැකකාරිය පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!