Gossip

බෙල්ලේ වැලලා ගන්න දර්ශනයක් තිබ්බ කියලා ඒක දසුන්ගේ ජීවිත කතාව කියන්න බෑ – රජිත හිරාන්

කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි රජිත හිරාන් කියන්නේ කියන්නේ. එහෙමත් නැත්නම් කවුරුත් තවමත් කතාකරන්නේ පිංපොං කියලා. ඒ වගේම තමයි කාලෙන් කාලෙට සමාජ ගතවන ඇතැම් ප්‍රශ්න වෙනුවෙන් හඬක් නගන පුද්ගලයෙක්. ඒ හැම දෙයක් ගැනම රජිත සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට..

කාලෙන් කාලෙට රජිතවත් ගොසිප්වල ඉලක්කයක් වෙලා?
ඔව්. එක එක කාලෙට එක එක අය එක එක දේවල් අල්ල ගන්නවනේ. මේ සැරේ අපි හොරු කියලා කියන්න තමයි ඔය ණයට කහින අය උත්සාහ ගන්නේ.

ඔය කියන්නේ රජිත හමුදාවට අනුයුක්තව වැඩ කරලා මුදල් ගත්තා කියලා පැතිරුණු කතාව ගැන වෙන්න ඇති?
හමුදාවට අනුයුක්තව කටයුතු කරලා අපි 60,000 ගාණේ පඩි ගත්තා කියලා කතාවක් පැතිරුවා. නමුත් අපි කළේ සේවයක්.
යුද්ධය ඉවර කළාට පස්සේ ආමි එකෙන් අපිට කතා කළා හමුදා සෙබළුන්ගේ රසාස්වාදය ඉහළ නංවන වැඩපිළිවෙළකට. අපි එදත් යුද්ධයට සම්බන්ධ වුණු රණවිරුවන් එක්ක හිටියා. අදත් එහෙමයි. මම සද්භාවයෙන් තමයි ඒ සේවයට එකතු වුණේ. නමුත් සද්භාවයෙන් කළ දෙයත් සමහරු හෑල්ලුවට ලක් කළා.

රජිත එතකොට ඒ සේවය නොමිලේද ඉෂ්ට කළේ?
ඇත්තටම ණයට කඩේ යන, චීත්ත අඳින සෙට් එක රණවිරුවන් ගැන හිතුවේ නැහැ. ඒත් කලාකරුවෝ විදියට අපි ඔවුන් එක්ක හිටියා. ඔය එක එක මිනිස්සු අපේ සේවයට ඔය වගේ කතා කියද්දී මම හිතුවා ආයෙත් මම රට වෙනුවෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නෑ කියලා. නමුත් එහෙම කළොත් ඔය කතා කියන එවුන් ජයග්‍රහණය කරනවා. අපි සේවයක් කළේ. මට 2011දී හමුදාවෙන් එවපු ලිපියක් ළඟදි හම්බවුණා. ඒ ලිපියෙන් ඔප්පු වෙනවා මම සේවය කළ විදිය.

මොකද්ද ඒ ලිපියේ සඳහන් වෙන්නේ?
කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව රණවිරුවන් වෙනුවෙන් පැවැති වැඩකටයුත්තකට සහභාගි වීමට ස්තුතිය පළ කරලා තමයි ඒ ලිපිය එවලා තිබුණේ. මම ගිය ආණ්ඩුව කාලේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව කාලෙත් හමුදාවෙන් කතා කළාම රණවිරුවන්ගේ වැඩවලට සම්බන්ධ වුණා. හමුදාවට සේවය කරනවා කියන්නේ ආණ්ඩුවට සේවය කරනවා කියන එක නෙවෙයි. සමහරු හිතන්න ඇති අපි දේශපාලනයට එන්න හදනවා කියලා. ඒකයි ඔය ණයට කහින අය අපිට මඩ ගැහුවේ. අපි සේවයක් කළේ. එහෙම කරපු අපිට තමයි මේ කාලකණ්ණි එක එක විදියට මඩ ගහන්නේ.

කට නිසා රජිතට ගොඩක් මඩ වදිනවා කියලා හිතෙන්නේ නැද්ද?
මම කතා කරන්නේ යම් ප්‍රශ්නයකදි. මම කතා කළ දේවල් වැරැදි නැහැ. මම දේශපාලන පිස්සෙක් විදියට නෙවෙයි කතා කළේ. මේ රටේ පුරවැසියෙක් විදියට.

පසුගිය කාලේ පියුමි හංසමාලිට, ඉරාජ්ට බැන්න රජිත ඊට පස්සේ ඒ කියපු දේවල්වලට සමාව ගත්තා. ප්‍රශ්නවලට කතා කරලා ආයෙත් ඒවා ඉල්ලා අස්කර ගන්නේ ඇයි?
කලාකරුවෙක් සම්බන්ධ ප්‍රශ්නයකදි මම ඒ විදියට කතා කළා. ඉරාජ්වත් ඔය කියන නවක නිළියවත් මගේ නෑයෝ නෙවෙයි. නමුත් ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්ට කළ අපහාසයක් නිසා මම මගේ අදහස කිව්වා. හැබැයි මට පස්සේ හිතුණා මම කිව්ව දේ සැර වැඩියි කියලා. ඒකයි මම මගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න කිව්වේ. ජාතික ප්‍රශ්නවලදී මම ඒවා ඉල්ලා අස්කරගෙන නැහැ.

හැබැයි අපිට ආරංචි වුණේ නම් පියුමිගේ පෙම්වතා තර්ජනය කළ නිසා රජිත සමාව ගත්තා කියලා?
මට කාගේවත් පෙම්වතෙක් කතා කළේ නැහැ. යම් ආවේගයක් ආපු නිසා මම ඒ වීඩියෝවට බැන්නා. ඒ කියපු දේවල් සදාකාලික වෛරයක් විදියට තියාගන්න මම කැමැති වුණේ නැහැ. මම කිව්ව දේ සැර වැඩියි කියලා සමහරු කිව්වා. ඒකයි හිත් රිදුමක් වුණා නම් සමාවෙන්න කිව්වේ. අපි කලාකරුවෝ. මමත් තව කෙනෙක්ගේ හිත රිදවන්න කැමැති වුණේ නැහැ.

අනවශ්‍ය ප්‍රශ්නවලට නෙවෙයිද රජිත කතා කරන්න ගියේ?
තිබෙන ප්‍රශ්න ලංකාවේ කවුරු හරි කතා කරන්න ඕන. මම දුන්න තවුසන් ටෝක් නිසා ගොඩක් ප්‍රශ්න නැවතුණා. දුටුගැමුණු රජතුමාට අපහාස කරද්දී මම කතා කළා. ජාතික ගීය දෙමළෙන් ගායනා කරද්දී මම කතා කළා. ඒ දේවල් කතා කළ නිසා ඒවා දිගින් දිගටම සිද්ධ වෙන එක නතර වුණා. මෑතකදී යූටියුබ් එකේ වුණත් පුද්ගල ජීවිතවලට පහර ගහන, ලිංගිකත්වය උද්දීපනය කරන වීඩියෝවක් මම දැක්කේ නැහැ.

හැබැයි ඉතින් රංගන ශිල්පියෙක් වුණු දසුන්ගේ ජීවිත කතාව කියලා එළියට ආපු වීඩියෝව ගැන රජිත කතා කළේ නෑනේ?
බෙල්ලේ වැලලා ගන්න දර්ශනයක් තිබ්බ නිසානේ ඒක දසුන්ගේ කතාව කියන්නේ. අපි කොච්චර කතා කළත් මේ රටේ මළකුණු කන වුන් මළකුණු විකුණගෙන කනවා.

මොනවද මේ දවස්වල නිර්මාණ කටයුතු පැත්තෙන් සිද්ධ වෙන්නේ?
හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම සම්බන්ධ වුණු චිත්‍රපට 10ක් විතර තිරගත වෙන්න තියෙනවා.

රජිත, රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්නේ. මේ දවස්වල ප්‍රසංගත් ජය ඇති?
ඔව්. පසුගිය දවස්වල විදෙස් ප්‍රසංග කිහිපයකටත් සම්බන්ධ වුණා. ඉදිරියේදිත් ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

සමහරු කියනවා ප්‍රසංග වේදිකාවේ ඩීල් එමටයිලු. ඇත්තද රජිත?
ඔව්. ප්‍රසංග වේදිකාවේ ඒ වගේ දේවල් තියෙනවා. සමහර නිවේදකයෝ තමයි ශිල්පීන් ලිස්ට් එක භාර ගන්නේ. රුපියල් 3000ක් නිවේදකයාට තියාගෙන තමයි ශිල්පීන්ගේ ගාණ දෙන්නේ. ඒ කොමිස් එක දෙන ශිල්පීන්ගේ අස්සන ගහන්නෙත් ඔහුමයි. කොමිස් දෙන අයව ලිස්ට් එකේ මුලට දානවා. ඔය වගේ දේවල් නම් ගොඩක් ප්‍රසංග වේදිකාවේ සිද්ධ වෙනවා. මට නම් ඔය ගැටලු එච්චරම බලපාලා නැහැ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!