Gossip

බුකිය රත් කළ අලුත්ම රැල්ල නතර වෙන ලකුණු – පිදුරංගල ගල උඩ අඩනිරුවතින් ඡායාරූප ගත්ත අයට වෙන්න යන දේ මෙන්න

කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
මේ දවස්වල ඒ විදිහට කරළියට ඇවිත් තියෙන අලුත්ම රැල්ල තමයි පිදුරංගල ගිහින් සීගිරිය පෙනෙන විදිහට ඡායාරූපයක් අරන් මුහුණුපොතට දාන එක.
හැබැයි ඒ රැල්ල හොඳ පැත්තටනම් නෙවෙයි දැන් යන්නේ.
මොකද අඩ නිරුවතින් ඡායාරූප අරගෙන සමාජ මාධ්‍යයට මුදාහරින්න දැන් සමහරු පටන් අරන්.
පිදුරංගල සීගිරිය බලකොටුවක් ලෙස පැවති කාලේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩඉන්න ආරාම සකස් කරලා පූජා කළ ඓතිහාසික තැනක් විදිහටයි මෙම ස්ථානය පුරා විද්‍යා බලධාරීන් හදුන්වන්නේ.
මහා වංශය ලියපු මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙන පිදුරංගල බවටත් පැවසෙනවා.
කොහොම වුණත් මෙම ස්ථානයට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පිදුරංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!