Gossip

බුකිය පුරා කතාවුණු දම් රැජිණගේ සළු ඉවතට

මේ දිනවල බුකිය පුරාම ආයෙත් දම් රැජින ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ ” දම් රැජිණ” බස් රථයේ “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ ගලවා අලුත්කඩේ අධිකරණයට වෙත පෙනි සිටින ලෙස නියෝග කිරීමත් සමගයි.

“දම් රැජිණ” බස් රථය පසුගිය දිනයකදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර බස් රථය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ බස් රථයට එක් කර තිබෙන මෙම විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිත බව පවසමිනුයි.

මෙම බස් රථය වලස්මුල්ල – කොළඹ , මාර්ග අංක 3 ධාවනය වුණා.

මේ අනුව අධිකරණ නියෝගයට අවනත වෙමින් “දම් රැජිණ” යන නමින් සමාජජාලා වල ප්‍රසිද්ධ වූ බස් රථය එම වෙනස්කම් කරමින් පවතින බව වාර්තා වෙනවා.

එමෙන්ම සමාජජාල මාධ්‍යයන්වල මේ සම්බන්ධයෙන් විවිධ පෝස්ට් නිර්මාණය වී තිබුණා.

මේ බස් රථය සැරසිලි ආදිය ඉවත් කරමින් වෙනස් කරමින් පවතින අවස්තාවේ ඡායාරූප සහ සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වූ පෝස්ට් කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!