Gossip

බිරිඳව සපා කෑවා කියා – කඩුවෙන් කෑලි කෑලි කපලා බල්ලකු මරා දැමූ මුල්‍ය ආයතන කළමනාකරු

තම බිරිඳ සපා කෑවයි කියන සුනඛයකුට කඩුවකින් පහර දී කෑලි කෑලිවලට කපා මරණයට පත් කරන ලදැයි කියන මූල්‍ය ආයතන කළමනාකාරවරයකු මාවනැල්ල කප්පාගොඩ දී 22 වැනිදා රාත‍්‍රී 10ට පමණ මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

සැකකරු කප්පාගොඩ පදිංචිකරුවෙක්.

මෙයට සති දෙකකට පෙර මෙම කාන්තාව අසල්වැසි ගෙදරක සිටියදී ඇයගේ කකුල මෙම සුනඛයා විසින් සපා කා ඇත. ඇය මෙම සුනඛයාට මෙයට පෙර පහරදීමක් සිදුකර ඇති බව ද වාර්තා වනවා..

මෙම සැකකරු සුනඛයා දින ගණනාවක සිට සොයා ඇති අතර 22 වැනිදා හවස 5.30ට පමණ අසල්වැසි නිවසක සිටින බව දැක එම නිවැසියන්ගේ බලවත් විරෝධය මත කඩුවකින් කෑලි කෑලිවලට සුනඛයා කපා දමා මරණයට පත් කර ඇත. ඔහු මෙම අවස්ථාවේ දී බීමත්ව සිටි බව ද නිවෙස් හිමියන් මාවනැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙවා.

ඒ අනුව මාවනැල්ල පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සපා කා තුවාල ලත් කාන්තාව ද ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය වෙත කැඳවා ඇත.

මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!