Gossip

බිරින්දෑවරුන්ගේ වැඩ නිසා මාලිංග සහ තිසර එකඟතාවයකට එයි

ෆේස්බුක් තුළින් ඇතිවූ සිද්ධීන් නැවත ඇති නොවීමට වගබලාගන්න බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

ලසිත් මාලිංගගේ බිරිඳගේ බවට පැවසෙන ෆේස්බුක් ගිණුමක් හරහා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිය ස්ථානය රැකගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට ගිය බවක් පසුගියදා සඳහන් වීමත් සමග අදාළ සටහනේ නමක් සඳහන් නොවූවත්, පැන්ඩෙකුගේ පින්තූරයක් යොදමින් ‘‘අසරණ පැන්ඩා’’ ලෙස සඳහන් කර තිබුණා.

එහෙත් ඊට පසුදින තිසර පෙරේරාගේ බිරිඳගේ බව පැවසෙන ෆේස්බුක් ගිණුමක ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගයට පෙර තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකු පසුපස යාමට අවශ්‍ය නොවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!