Gossip

“බැංකු ගිණුම් 35ක්..ලියුම් කවර පහක හයක සල්ලි දවසට දාලා.. පාතාලට දිව්‍ය සැප දීලා.. “බන්ධනාගාර සහයක නියාමකවරයා වැමෑරූ ඇඟ කිළි පොලා යන කතාව

මීගමුව සිරගෙදර හිටපු ලොක්කෙකුගේ වැඩ ගැන මෙරට ජාතික පුවත්පතක මුල් පුවතක් පළ කර තිබිණි. ඒ හිටපු ලොක්කාගේ ගුණ හෝ ත්‍යාගශීලීත්වය ගැන නම් නොවේ.
ඔහුගේ තක්කඩිකම්, හොරකම් ගැන කියවෙන්නකි. මොහුට බැංකු ගිණුම් 35ක් ඇති බවත් දිනකට ලැබෙන ලියුම් කවර පහක හයක සල්ලි බැංකුවලට තැන්පත් කරන බවත් එම ඊනියා ලොක්කාගේ සහයක නියාමකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබෙන බව එම පුවතේ සඳහන්ව තිබිණි. මේ ලියුම් කවර යොමු කරන්නේ කවුරුන්ද?
එය පාතාලයෙන්ම බව රහසක් නොවේ. පාතාල නායකයින්ට සුර සැප විඳීමට සහය ලැබෙන විට මේ ලොක්කාට ලැබෙන ලියුම් කවර වැඩිවන බව පැහැදිලිය. මේවා මොණර මිටි නොහොත් සල්ලි තොගය. බන්ධනාගාර පාතාලය නිහඬ කිරීමට නොහැකිවන්නේ මෙවැනි මුදලට ගිජු නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් නිසාය. මෙවැනි නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් නිසා සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම සිදුවන්නේ කවර නිග‍්‍රහයක්ද?
දූෂිත නිලධාරීන් කීපදෙනෙකුගේ මඩ සහ තාර බන්ධනාගාර නිලධාරී සමස්තයම එක්ව තවරාගත යුතුය. නව බන්ධනාගාර කොමසාරිස්වරයා පත්වූ සැණින් සිදු කළ ප‍්‍රථම බන්ධනාගාර සෝදිසිය වූ මීගමුව බන්ධනාගාර සෝදිසියේදී රැුඳවියන් සතුව තිබී ජංගම දුරකථන 61ක් සමඟ සිම් කාඞ්පත් 44ක්ද හමුවී තිබිණි.
බන්ධනාගාරගතව සිටින එක් රැුඳවියෙක් වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගනිමින් තම බිරිඳට පෙන්වා ඇත්තේ සිය කාමරයේ අඟල් 32ක පමණ විශාල රූපවාහිනියක් ද තිබෙන බවයි. මොහුගේ නිවසේ ද මෙවැනි විශාල රූපවාහිනියක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. එසේම තවත් සංවිධානාත්මක අපරාධකරුවකුගේ සිරමැදිරිය තුළින් ශීතකරණයක්, ආහාර පාන තොගයක්, සැපපහසු ඇඳක් සහ නවීන පන්නයේ විදුලි පංකා හමුවී තිබෙන බව පසුගිය දිනවල මාධ්‍ය මගින් හෙළිකර තිබිණි.
තම කාමරයේ ශීතකරණ තබා ගන්නට රැුඳවියෙකුට හැකිනම් එතැන ඇත්තේ සිරකුටියක්ද නැත්නම් බෝඩිමක්ද, කුලියට ගත් හෝටල් කාමරයක්ද යන්න ගැන සැකයක් ඇතිවේ. බන්ධනාගාර තුළ සුර සැප විඳින්නට සියලූ සහය සපයන්නේ දූෂිත නිලධාරීන් බවට සැක නැත. එවිට මොණරුන් සැඟවූ ලියුම් කවර වැඩි වැඩියෙන් ලැබීම නතර නොවේ.
නමුත් වත්මන් ආණ්ඩුව බන්ධනාගාර පාතාලය නැති කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ නිසා මේ සියලූ රහස් එළිවන්නට පටන් ගෙන ඇත.
නැත්නම් පාතාලය තම සියලූ මෙහෙයුම් සිදුකරන ඉතාම සුරක්ෂිත ස්ථානය බවට බන්ධනාගාරය පත්කර තිබුණේ අද ඊයේ සිට නම් නොවේ. දැන් හිරේ ගියත් සුර සැප විඳින රැුඳවියන්ගේ ඉරණම වෙනස්වෙන්නේ ¥ෂිත නිලධාරීන්ටත් කණකොකා හඬවමිනි. මොණරු විසි කරන්නට පුළුවන් නම් නැවතිය හැකි සුපිරි නවාතැන බන්ධනාගාරය යන්න වෙනස් කළ යුතුමය. මෙය සමස්ත නීති පද්ධතියම නිග‍්‍රහයට ලක්කරන තත්ත්වයක් නොවන්නේද?
එම නිසාම බන්ධනාගාරය පිරිසිදු කිරීම වෙනුවෙන් මේ කෑදර මජර නිලධාරී පන්තිය පන්නා දැමිය යුතුය.
ඔවුනට නිසි දඬුවම් දිය යුත්තේ පාතාල අපරාධ සිදු කළ පුද්ගලයින්ට දඬුවම් දෙන ආකාරයෙනි. එසේ නොවන්නේ නම් හෙටත් බැංකු ගිණුම් දුසිම් ගණන් තබාගන්නා මජර බන්ධනාගාර නිලධාරීන් බිහිවීම වැළැක්විය නොහැකි වන්නේය. එය රටම අගාධයට මෙන්ම සමාජයම පාතාල පාලනයට යොමු කරවන්නකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!