Gossip

බලාපොරොත්තුව වුණේ පාස්කු ඉරිදා වැනි ප‍්‍රහාරයක්ලූ….ලන්ඩන් දේවස්ථානවලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බි‍්‍රතාන්‍ය කත

පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා ශ‍්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැලසුම් කළ බව සෆියා අමීරා ෂෙයික් නම් බි‍්‍රතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකාවක වන ඇයට බි‍්‍රතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කිරීමට සැලසුම් කළ මෙම කාන්තාවගේ වයස අවුරුදු 37කි.

ඇයගේ අපේක්ෂාව වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කර විශාල පිරිසක් ඝාතනය කිරීමය. ලන්ඩන් නුවර ශාන්ත පාවුළු දේවස්ථානයට මෙන්ම තවත් සංචාරක හෝටලයකටද ප‍්‍රහාර එල්ල කිරීමට ඇය සැලසුම් කර තිබිණි. එම ස්ථානවලට ඇය කිහිපවරක්ම ගොස් ඇති අතර ප‍්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට ඇයට අපහසු වී ඇති බව හෙළිව තිබේ.

මේ මුස්ලිම් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි අන්තවාදී මත දරන්නන් ලෙසින් පෙනී සිටි බි‍්‍රතාන්‍ය රහස් පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් විසිනි. 2007 වසරේදී ඉස්ලාම් දහම වැළඳගෙන ඇති ඇය අන්තර්ජාල දේශන ඔස්සේ මුස්ලිම් අන්තවාදයට නැඹුරුවී තිබේ. එසේම ඇය හෙරොයින් පානයටද ඇබ්බැහි වී ඇති කාන්තාවකි.

ඇය විසින් පණිවිඩ හුවමාරු කණ්ඩායමක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහි සටහන් තබා පවසා ඇත්තේ තමන් ලන්ඩනයේ පළමු කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරිය බවට පත්වීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටින බවත්, ප‍්‍රාණ පරිත්‍යාගියකු වෙමින් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරන බවත්ය. එමෙන්ම ශාන්ත පාවුළු දේවස්ථානයේදී චාල්ස් හා ඩයනා විවාහ මංගල්‍යයේ ඡායාරූප දෙස බලමින් මෙම පල්ලිය බිම හෙළීමට ඇත්නම් යනුවෙන් ද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!