Gossip News

බදු අඩුවීමත් එක්ක වාහන මිලට වෙන දේ මෙන්න..

රජය විසින් බදු ප්‍රතිශතයන් පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා .කෙසේ වෙතත් අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි එම සංගමයේ සභාපති රංජන් පීරිස් පවසා තිබෙනවා.
මේ අතර විදුලි සංදේශ බදු සියයට 25කින් පහත හෙලීමත් සමඟ මේ මාසයේ සිට ජංගම සහ ස්ථාවර දුරකතන ගාස්තු වල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව කියා සිටියා.මේ අනුව සියයට 15ක්ව පවතින විදුලි සංදේශ බද්ධ සියයට 11යි දශම 25 දක්වා පහත දමා තිබෙනවා.එසේම සියයට 15ක්ව පැවති වැට් බදු ප්‍රතිශතය සියයට 8 දක්වා පහත හෙලීම සහ සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බද්ධ අහෝසි කිරීම විදුලි සංදේශ සේවාවන් සඳහා ද අදාළ වන බැවින් දුරකතන ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහල බසින බවයි විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.ශ්‍රී ලංකාව තුල ජංගම දුරකතන සේවා සපයන ආයතන 05ක් ක්‍රියාත්මක අතර ස්ථාවර දුරකතන සේවා සපයන ආයතන සංඛ්‍යාව 03ක් පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!