Gossip

බණ්ඩාරවත්තේදී සිදුවූ අනතුරකින් ගායන ශිල්පී අකිල අවසන් ගමන් යයි – Photos

හලාවත – කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරික ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය පවසනවා.

ඊයේ(01) රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත – මල්වත්ත පදිංචිව සිටි අකිල ශිරන්ත ප්‍රනාන්දු නම්වූ 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ගායකයෙකු ලෙස කටයුතු කළ අයෙක් බව වාර්තා වනවා.

තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් පැමිණ ඇති ලොරියක යතුරුපැදිය ගැටී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරුව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බව වාර්තා වුණා.

අනතුරට සම්බන්ධ ලොරිය සහ එය පැදවූ රියදුරුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!