Gossip

බංග්ලාදේශ ක‍්‍රිකට් පුහුණුකරුටත් කොරෝනා

බංග්ලාදේශයේ සංවර්ධන ක‍්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරන අෂිකුර් රහ්මාන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරටින් වාර්තා වන අතර එහිදී ඔහු පෙනි සිටි කොරෝනා පරීක්ෂණයෙන් පසුව අදාළ නිගමනයට පැමිණ තිබේ.

‘‘මට ඊයේ වාර්තාව ලැබුණා. වාර්තාවේ තියෙනවා කෝවිඞ් ධනාත්මක යැයි කියා.’’ යනුවෙන් රහ්මාන් ‘ක‍්‍රික්බස්’ වෙබ් අඩවියට පවසා තිබේ. රහ්මාන් යනු බංග්ලාදේශයේ පළමු පෙළ ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයකු වන අතර ඔහු 2002 වසරේදී බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකුද විය.

‘‘මට එය මුලින්ම තේරුණේ නැහැ. මම හිතුවේ මට සෙංගෙඩි වගේ කියලා. මුලින්ම මට උගුරේ අමාරුවක් තිබුණා. පසුව සෙමෙන් උණ එනවා. පපුවේ වේදනාවක් ඇති වෙන්න පටන් අරගෙන වෛද්‍යවරයා ළඟට ගියාම තමයි පරීක්ෂා කළේ.’’ යැයි රහ්මාන් පවසයි.

බංග්ලාදේශ පළමු පෙළ තරග 15 කට ක‍්‍රීඩා කර ඇති මොහු බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන්ද සේවය කර තිබේ. බංග්ලාදේශයේ ක‍්‍රිකට් සම්බන්ධ පුද්ගලයකුට කොරෝනා රෝගය වැළඳුන පළමු අවස්ථාවද මෙය වන අතර ඔහු මේ වන විට රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!