Gossip

පොසොන් පෝය දවසේ දන්සලකට ගිය පාසල් සිසුවෙක්ට කඩු ප්‍රහාරයක්

පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කර තිබූ දන්සලක් වෙත යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකු විසින් ඊයේ දිනයේ කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවී තිබෙන්නේ වැලිපැන්න – මීගම – ආඳාවල ප්‍රදේශයේදීයි.

මෙම සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගමන් කරමින් සිටියදී එක් සිසුවෙකු කුඩයක් තුළ සඟවාගෙන පැමිණි කඩුවකින් මෙලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව තුවාල ලැබූ සිසුවා ඉත්තෑපාන දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර – නාගොඩ රෝහලට මාරුකර යැවුණා.

සිසුවාගේ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් පවතින අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පොලීසිය සඳහන් කළේ පෞද්ගලික අමනාපයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි .

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැලිපැන්න – කොරේවත්ත – පරේගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

පහරදීමට සම්බන්ධ වැලිපැන්න – පන්තොට – ඉත්තෑපාන ප්‍රදේශයේ පදිංචි සැකකාර පාසල් සිසුන් දෙදෙනා සහෝදරයන් වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!