Gossip

පොලිස් ඩමියකට අල්ලස් දෙන වීඩියෝවක් බුකියට දාපු තරුණයන් දෙදෙනාට අමතක නොවන පාඩමක් – Photos

පොලිස් ඩමියකට අල්ලස් දෙන අයුරු වීඩියෝ කරමින් අන්තර්ජාලයට දැමූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අන්තර්ජාලයට දැමූ පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම සේවකයන් පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන අය බවයි වාර්තා වන්නේ.
වව්නියාව යාපනය පාරේ පොලිස් රථවාහන අංශය මගින් මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.
මෙම ඩමිය ඉදිරියට ගොස් අල්ලස් ලබාදෙන අයුරු නිරූපනය කරමින් උසුළු විසුළු කරන අයුරින් අදාල වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පොලීසිය සමච්චලයට ලක් කිරීම,පොලීසියට අපහාස කිරීම,මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කර තිබුණා.
මෙම පුද්ගලයන් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!